Colombo Today Local News

කැබිනට් මණ්ඩල සංශෝධනයක්! ප්‍රබලයන් රැසකට ඇමතිධුර අහිමි වෙයි

yahapalannmnna cabinet1

ඉදිරි මාස දෙක තුන ඇතුළතදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම කැබිනට්‌ සංශෝධනය මගින් රජයේ ප්‍රබල ඇමැතිවරුන් කිහිප දෙනකුට තමන් මේ වන විට දරන අමාත්‍ය ධුර අහිමි වීමට ඉඩ තිබෙන බවද එම ආරංචි මාර්ග පැවසීය.

යහපාලන රජයේ ප්‍රතිපත්තිවලට හානිදායක ලෙස හැසිරෙන ප්‍රබල ඇමැතිවරුන් කිහිප දෙනකු පිළිබඳව ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් පැමිණිලි ලැබී ඇති අතර ඇතැම් ඇමැතිවරුන් පිළිබඳව කැබිනට්‌ මණ්‌ඩලය තුළින්ම පැමිණිලි එල්ල වී ඇතැයිද වාර්තා වේ.

මහජනතාවගේද දෝෂ දර්ශනයට ලක්‌ව ඇති එවැනි ඇමැතිවරුන් තව දුරටත් එම අමාත්‍ය ධුරයන් දැරීම ආණ්‌ඩුවේ පැවැත්මට සහ ස්‌ථාවරත්වයට හානිදායක වීමට ඉඩ ඇති නිසා රජය මෙම තීරණය ගෙන ඇත.

ඊට අමතරව 92 දෙනකුගෙන් සමන්විත වන වත්මන් ඇමැති මණ්‌ඩලයට තව නොබෝ දිනකින් තවත් කැබිනට්‌, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් එක්‌ අයෙකු බැගින් බඳවා ගැනීමට නියමිතය.

ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේදී ඇමැති මණ්‌ඩලය 95 දෙනකුගෙන් සමන්විත විය යුතු බවට ගත් තීරණය අනුව මෙම ඇමැතිවරුන් එක්‌ කර ගැනීමට නියමිතය.

Related posts

ස්ථාන මාරුවක් ලැබුනොත් මම යනවා – රුක්ෂාන් බෙල්ලන

Admin

ජාතික පුෂ්පයටත් වෙනසක් කරන්න කැබිනට් අනුමැතිය

colombotoday

රිෂාඩ් ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් විනිසුරු ජනක් ද සිල්වා ඉවත්වෙයි

colombotoday

ඉස්ලාම් ත්‍රස්තවාදය පරම්පරාගත ප්‍රශ්නයක් – එංගලන්තයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා

colombotoday

මුලතිව් රෝහල පිටුපස තිබී විශාල මෝටාර් බෝම්බයක් හමුවෙයි

colombotoday

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදු සම්බාහන මධ්‍යස්ථාන 05ක් වටලයි

colombotoday