ඉදිරි වර්ෂාවත් සමග රත්නපුර ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය ඉහළ යා හැකි බව දිස්ත්‍රික් ලේකම් මාලනි ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.
ඇය පැවසුවේ, මේ වනවිටත් රත්නපුර, ඇලපාත, කිරිඇල්ල හා පැල්මඩුල්ල යන ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බවය.
මේ අතර, අධික වර්ෂාව සමග කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති අතර, බුලත්සිංහල – මෝල්කාව මාර්ගය ජලයෙන් යටවී තිබේ.