ශ්රී ලංකාව හා ඇමෙරිකාව අතර 1948 වසරේදී නිල වශයෙන් රාජ්යත්රින්තික සබඳතා ආරම්භවීමට පෙරාතුව සිට දෙරටේ ජනතාව අතර ශක්තිමත් සබඳතාවක් පැවැති බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය.
ජනපතිවරයා මේ බව ප්රකාශ කළේ ජුලි (04දාට) යෙදී තිබුණ ඇමෙරිකානු නිදහස් දින සැමරුම වෙනුවෙන් ඇමෙරිකානු ජනපති ඩොලන්ඩ් ට්රම්ප්ට ලිපියක් යොමුකරමිනි.
ප්රජාතන්ත්රවාදී අගයන් හා නිදහස සම්බන්ධයෙන් දෙරටේ ජනතාවගේ කැපවීම හේතුවෙන් ඇමෙරිකාව හා ශ්රී ලංකාව අතර සබඳතා වර්ධනය වූ බවත් ජනපතිවරයා සිය ලිපියෙන් පවසයි.