Colombo Today Local News

විග්නේෂ්වරන් අසරණ වෙයි… උදව් ඉල්ලා ජනපතිට ලියයි

මෑතක සිට උතුරේ වර්ධනය වෙමින් තිබෙන ප්‍රචණ්ඩ ක්‍රියා හා මත්ද්‍රව්‍ය භාවිතය නතර කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ කණ්ඩායමක් පත් කරන ලෙස උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා (29දා) යාපනයට පැමිණීම ඉතා අගය කොට සලකමි.

මේ වනවිට උතුරේ නුදුරේ සිට සිවිල් ප්‍රචණ්ඩ ක්‍රියා හා මත්ද්‍රව්‍ය භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන අතර මේ තත්ත්වය මැඬලීමට වහා පියවර ගන්නා ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමි. මේ පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයකු හෝ සහකාර පොලිස්පතිවරයකු යටතේ විශේෂ කණ්ඩායමක් යොදවා කඩිනම් විමර්ශන ආරම්භ කොට උතුරේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනය කිරීමටත් මත්ද්‍රව්‍ය භාවිතය, බෙදාහැරීම හා ජාවාරම් නතර කිරීමටත් කටයුතු කරන්නැයි ඉල්ලා සිටිමි. දේශපාලන සිරකරුවකු වන කිලිනොච්චියේ ආනන්ද සුගාදරන්ගේ බිරිය මිය යෑම නිසා ඔවුන්ගේ දරුවෝ ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටිති. සුදාගරන්ට පොදු සමාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියෙමි.

එසේම එම කුඩා දරුවන්ට තමන්ගේ පියා ඉඳහිටවත් දැක ගැනීමට ඔහුව කිලිනොච්චියට සමීප බන්ධනාගාරයකට මාරු කරන ලෙස මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියෙමි.

ඊට ජනාධිපතිවරයා එකඟ වුණේය. එම කාරණයද මෙහිදී සිහිපත් කරමි. ඊට අවශ්‍ය පියවර ගන්නැයිද මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලමි.

තවද උතුරු පළාත් මහ ඇමැති අරමුදල සඳහා අනුමැතිය ලබාදෙන්නැයි මධ්‍යම රජයෙන් මා ඉල්ලා සිටින්නේ වසර පහක සිටයි. මෙතෙක් ඒ සඳහා අනුමැතිය ලැබී නැත. එයින් හැඟී යන්නේ මධ්‍යම රජය උතුරු පළාත සංවර්ධනය වීම දැකීමට ඇති අකැමැත්ත යැයි පෙනී යයි.

Related posts

ලොව සුපිරිතම ඇමරිකානු හමුදා යානයක් මත්තලට ඇවිත් ගිහින් (Photo)

colombotoday

ඉදිරි දින කිහිපය තීරණාත්මකයි.. සියළු මැති ඇමතීන් කොළඹ නවතී !!

colombotoday

බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට දෙවැනි නඩුවෙනුත් ඇප

colombotoday

ලක්ෂ 60ක මත්පෙති හා හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවේ

colombotoday

අද ඩොලරයේ වටිනාකම

Admin

අත්අඩංගුවට ගැනීමට පෙර මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවගෙන් සටහනක්

colombotoday