Colombo Today Local News

නිව්යෝක් ටයිම්ස් කියන්නේ පැහැදිලිවම ඇත්තයි… ඔර්ලෝසු, සාරි මටත් ලැබුණා…

නිව්යෝක් ටයිම්ස් පුවත්පත මගින් මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් ලබා ගෙන ඇති බවට කරන හෙළිදරව්ව පැහැදිලිවම ඇත්තක් තියනවා කියලා විශ්වාස කරනවා. ඒ ලිපියේ තිබුණ දේවලුත්, ප්‍රායෝගිකව සිදු වුණ දේවලුත් බොහෝම ඇත්ත. මොකද  ඔරලෝසු , සාරී  මටත් ලැබුණා, තාමත් මං ළඟ ඒවා තියෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

අනුරාධපුර ගුවන් තොටුපළ මාර්ගයේ පිහිටි අමාත්‍යයවරයාගේ නිවසේදී අද (1)  පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූඅමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙසේ ද පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීන සමාගමකින් අල්ලස් ලබාගත් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවූ  බව කියන පුවත මමත් මාධ්‍ය මගින් දැක්කා. විශේෂයෙන් මම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා එවැනි ගනුදෙනුවක් සිදුවෙලා තියෙනවා නම් , මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් එම චීන සමාගම විශාල මුදලක් ලබාදී තිබෙනවා නම් , එය බොහෝ විට අල්ලසක් ලෙස තමයි අපි දකින්නේ.

ඒ නිසා ආණ්ඩුවේ බළධාරීන්ට විශාල වගකීමක් තියෙනවා මේ පිළිබඳව කරුණු සොයා බැලීමට. ඒ වගේම මට පුදුමයක් තියෙනවා මේ පුවත දැන් එළියට ඇවිත් දින කිහිපයක් වෙනවා තාමත් ආණ්ඩුව පැත්තෙන් කථා කරන්නේ නෑ, ඒ නිසා ආණ්ඩුව මීට වඩා මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.

අඹ ගෙඩි දෙකක් හොරකම් කළත් හිරේ දානවා පුංචි පුංචි හොරකම් ගැන කථා කරනවාට වඩා මේ විදිහට විශාල මුදලක් වංචා වෙලා තිබෙනවා නම් ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා මම ආණ්ඩුවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Related posts

ලංකාවේ දෙවැනි පොල් ත්‍රිකෝණයත් අරඹයි

Admin

පාර්ලිමේන්තුව රැස් වේ!

colombotoday

අත්අඩංගුවට ගෙන තිබු ලොරි රථයේ රෝද හොරකම් කළ පොලිස් කොස්තාපල්

colombotoday

දයාසිරි මහින්දගෙන් සමාව ගත්තා. ජනාධිපතිවරණයට මෛත්‍රී හෝ ගෝටා – ඩිලාන්

colombotoday

රැවුල වැවීම තහනම්, මුහුණ වැසීම තහනම්.. චීනය මුස්ලිම් අන්තවාදයට බැට දෙයි

colombotoday

සූරියවැව කොල්ලන් හෙල්ලූ සජිත්ගේ ඩ්‍රම්ස් ගැහිල්ල මෙන්න (Video)

colombotoday