Colombo Today Local News

ඤාණසාර හිමි සිරගත කිරීම පිටුපස රටේ ප්‍රධාන පක්ෂයක නායකයෙක් සහ ඇමතිලා දෙදෙනෙක්

තමා බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය පිටුපස මේ රටේ ප්‍රධාන පක්ෂයක නායකයෙකු සහ ඔහු යටතේ සිටින ඇමතිවරුන් දෙදෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සිටි බවත්, වත්මන් ආණ්ඩුවම මෙම සිද්ධියට වගකිව යුතු බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර  හිමියෝ අද (26දා) පැවසූහ.

රජගිරිය ,නාවල පාරේ පිහිටි බොදුබල සේනා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එහිමියෝ මේ බව අනාවරණය කළේය.

එම ඇමතිවරුන් දෙදෙනා සහ ඔවුන්ට ඉහළින් සිටින ප්‍රධාන දේශපාලඥයා අතර පැවැත් වූ සාකච්ඡාවකදී තමා මාස හයකට සිරගත කර ජම්පරය ඇන්දවිය යුතු යැයි තීරණය කර තිබුණු බවත්, බන්ධනාගාර ගතවීමට සතියකට පෙර තමාට එම සාකච්ඡාවේ තොරතුරු පිළිබඳව දැනගන්නට ලැබුණු බවත් ඥානසාර හිමියෝ සඳහන් කළහ.

තමා සිරගත කිරීමේ සිද්ධියට සම්බන්ධ වූ ආරක්ෂක මූලස්ථානයේ නිලධාරියෙකුට උසස්වීම් සහ වරප්‍රසාද ලබාදී තිබෙන බවත් උන්වහන්සේ මෙහිදී කියා සිටියේය.

මහදවල් මහබැංකුව මංකොල්ලකෑමේ සිද්ධියට නායකත්වය ලබාදුන් අගමැතිවරයා භික්ෂූන් වහන්සේලාට ජම්පරය ඇන්දවීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, මංගල සම්මත ඇමතිවරයෙකු මේ රටේ සංස්කෘතිය හා මහා සම්ප්‍රධාය අවමඟුලකට ගෙන යෑම සඳහා කටයුතු කරමින් සිටින බවත් උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළහ.

බන්ධනාගාරය තුළදී තමන්ට ජම්පරය අඳින ලෙස එහි නිලධාරීන් පැවසුවද තමා සිදුකර ඇති වරද සහ ලබාදී ඇති දඬුවම දෙස බලන්නැයි එම නිලධාරින්ගෙන් ඉල්ලා සිටි බවත්, සිරකුටියෙන් පිටතට නොයා රැඳී සිටිමින් අඳන කඩය ඇඳ ඊට උඩින් තුවායක් දමාගෙන සිටි බවත් ඥානසාර හිමියෝ පැවසූහ.

මින් ඉදිරියට කිසිදු දේශපාලඥයෙකු විශ්වාස නොකරන බවත්, කිසිදු දේශපාලඥයෙකු පසුපස නොයන බවත්, බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තාව හා තමන් සකස් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන බවට දළදා මාලිගයේ අත තබා දිවුරණ පුද්ගලයෙකු 2020දී ජනාධිපතිවරයා වශයෙන් තෝරාගැනීමට සහය ලබාදෙන බවත් එහිමියෝ මෙහිදී සඳහන් කළහ.

Related posts

සිරගත රණවිරුවන්ට නිදහස, සහනාධාර වෙනුවට පොහොර නොමිළේ – ජන සන්නිපාතය මැද ගෝඨාගෙන් සහතිකයක්

colombotoday

බලපිටියේ පොලිසියට පහර දීමක්. අහසටත් වෙඩි

colombotoday

නව ව්‍යවස්ථාවක් මේ වෙලාවේ අවශ්‍ය  නෑ – මල්වතු නාහිමියෝ එජාප මැති අමතින්ට අවධාරණය කරති

colombotoday

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ බක්පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

මුදල් ඇමතින් නොදන්නා මිල සූත්‍රය ඊයේ රෑත් කැරකෙයි… පෙට්‍රල් මිල රු 6-8 කින් උඩ යයි…

colombotoday

නිදහස නෑ කියා නිදහස් දා උතුරේ කලු කොඩි

colombotoday