ඒකාධිපති පාලනයක් නැවත ගෙන ඒමට කිසිසේත්ම ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොස් හෝ රට හදාදෙන්නැයි ගෝටාභය රාජපක්ෂ මහතාගෙන් අස්ගිරි පාර්ශවයේ අනු නායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් කරන ලද ඉල්ලීම ගැන ජනාධිපතිවරයා මෙම අදහස් පලකළේ කුරුණෑගල නිකවැරටියේදී පැවති උත්සවයක් අමතමිනි.
‘සමහර අය කියනව මං පණ මදි කොන්ද පණ නෑ මීට වඩා තද වෙන්න ඔ්න. තද නායකයො වෙන්න ඔ්න. මං දැක්ක ඊයේ ස්වාමීන් වහන්සේල කිහිප දෙනෙත් කියල තියෙනවා ඒකාධිපති පාලනයක් ඔ්නලු. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේල අනුශාසනා කරනවා නම් මේ රටට ඒකාධිපතියෙක් ඔන කියල අපි වරද්දගන්න තැනත් ඒක’ යැයිද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය.