Covid 19

සමස්ත කොරෝනා මරණ 507යි.. 19 හැවිරිදි තරුණියක ද ඊයේ බිලි වෙයි

ඊයේ (8)දිනයේ මෙරටින් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 507ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව , මියගිය පිරිස අතර 19 හැවිරිදි තරුණියක ද වන්නී ය.

හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, කොවිඩ් නියුමෝනියාව සහ මොලයේ ඇති වූ ගැටිත්තකි (Tumor).

මිය ගිය අනෙක් සිව් දෙනා අතරින් තිදෙනකු ම කාන්තාවන් ය.

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක අනුරධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර කොවිඩ් නියුමෝනියාව, ඇදුම අධිරුධිර පීඩනය සහ උග්‍ර දියවැඩියාව ඇයගේ මරණයට හේතුව ලෙස සඳහන් වේ.

දර්ගා නගරයේ පදිංචිව සිටි 51 හැවිරිදි තවත් කාන්තාවක් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, කොවිඩ් නියුමෝනියාව සහ බහු ඉන්ද්‍ර්‍රය අක්‍රිය වීමයි.

ජා-ඇල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි තවත් කාන්තාවක් ද හෝමාගම රෝහ‌ලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වැළඳීමෙන් මියගොස් ඇත.

ඇයගේ මරණයට හේතුව කොවිඩ් නියුමෝනියාවයි.

ඊයේ වාර්තා වූ කොරෝනා මරණ අතර එක් පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහුගේ වයස 78කි.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, ලේ විෂවීමේ කම්පනය, උග්‍ර වකුගඩු හානීවීම, කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර දියවැඩියාවයි.

Related posts

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළට

colombotoday

කොරෝනා ආසාදිතයින් 869 දක්වා ඉහළට

colombotoday

කොවිඩ් ආසාදිතයින් 406ක්

colombotoday

පෝලන්ත ජනපතිටත් කොරෝනා

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 15ක්

colombotoday

කොවිඩ් ආසාදිත මරණ වැඩිවෙයි

colombotoday