Colombo Today Local News

ඥාණසාර හිමි සිරගත කිරීම දීර්ගකාලීන කුමන්ත්‍රණයක ප්‍රථිපලයක් – අස්ගිරි මහා ලේඛකාධීකාරී හිමි

පූජ්‍ය ගලගොඩුත්තේ ඥණාසාර හිමියන් කොටු කරගැනීමේ යම් මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවත්, උන්වහන්සේ සිරගත කිරීම දීර්ගකාලීන කුමන්ත්‍රණයක ප්‍රථිපලයක් බවත් අස්ගිරි මහා විහාර පාර්ශවය පවසයි.

එහි මහා ලේකඛාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් පවසා සිටියේ, ඇතැම් අවස්ථාවලදී ඥාණසාර හිමියන්ගේ භාෂන ශෛලියේ යම් ගැටළුකාරී තත්ත්වයක් තිබුණත් උන්වහන්සේ පෙනී සිටි මතවාදය හා ක්‍රියාකාරිත්වය පිළිබද අස්ගිරි පාර්ශවයට අවබෝධයක් තිබුණු බැවැන් මීට පෙර අවස්ථවලදීද උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි බවයි.

ඥාණසාර හිමියන් නිහඩ කිරීමට ඇතැම් කණ්ඩායම් කාලයක් තිස්සේ උත්සාහ කළ බවත්, නීතිය ඔස්සේම එම අරමුණු ඉටුකරගැනීමට ඔවුන් කටයුතු කර ඇතිබවත් නාහිමියන් සදහන් කරයි.

“ඇසට ඇසක්“ යන න්‍යායෙන් ක්‍රියාත්මක වන විජාතික රෝම ලන්දේසි නීතිය අප තවමත් කරපින්නගෙන සිටින බවත්, අපට රටට, ගැළපෙන බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවන නිතී පද්ධතියක් සකස් කරගැනීමේ අවශ්‍යතව නැවත වරක් සනාථ වන බවද ධම්මානන්ද නාහිමියන් සදහන් කරති.

සිරගෙය තුළදී ඥාණසාර හිමියන්ගේ චීවරය බලහත්කාරයෙන් ගැලවීම හේතුවෙන් උන්වහන්සේගේ භික්ෂූත්වය අහෝසි නොවන බවත් අවධාරණය කර සිටි ධම්මාන්නද නාහිමියන්, ඥාණසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන් නීතියට බාධා නොවන පරිදි යම් තීරණයක් ගැනීම සදහා මහා සංඝ සභාව රැස්වන බවද සදහන් කර සිටියේය.

කෙසේ වෙතත් බන්ධනාගාරය තුළදී ඥාණසාර හිමියන්ගේ චීවරය ගැලවීම සම්බන්ධයෙන් බෞද්ධ ජනතාව දැඩි සංවේගයට පත්ව සිටින බවද, නාහිමියන් සදහන් කර සිටියේය.

Related posts

Gmail සේවාව බිඳ වැටෙයි

colombotoday

අතුරුදන්වූවන්ගේ පනත නවත්තන්න අපටත් දෙයක් කරන්න බැරිවුණා.. කණගාටුයි – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

එජාප පළාත් පාලන සභිකයින් 59කගේ සභික ධුරය අහෝසි

colombotoday

“සංහිදියාව හදන වැඩේ මට හරියට කරගන්න දෙන්නෑ.. චන්ද්‍රිකා ඇගිලි ගහනව“ – සංහිදියා ඇමති

colombotoday

පුහුණු රාජකාරියක් අතරතුර දියේ ගිලී නාවික සෙබළෙක් ජීවිතක්ෂයට

Admin

අද රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 තෙක් කඩ සාප්පු විවෘත කිරීමට අවසර නෑ

colombotoday