Colombo Today Local News

ජාතිවාදය අවුලමින්, නීතිය හැල්ලු කල අසාද් සාලිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

සාධාරණ හේතුවක් නොමැතිව තමා අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ රඳවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති, පොලිස්පති, රහස් පොලිස් අධ්‍යක්ෂක නිෂාන්ත ද සොයිසා, එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල, මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර, එම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් යන මහත්වරුන් නම් කර තිබේ.

පසුගිය මාර්තු 09 වැනි දින තමා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වු බවත් ‍ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ කටයුතු මුස්ලිම් නීතිය අනුව සිදුවිය යුතු බව එහිදී අවධානය යොමු කළ බව අසාද් සාලි සිය නීතිඥවරිය මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් කර ඇත.

ඉන් පසුව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා තමා පිළිබඳව ද්වේශ සහගතව ප්‍රකාශ කිහිපයක්ද සිදුකළ අතර වෙනත් පාර්ශව ගණනාවක් විසින් ද තමාට එරෙහිව ද්වේශ සහගත ප්‍රකාශ සිදුකළ බවත් ඔහු සඳහන් කර තිබේ.

පසුව කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සංකීර්ණයක සාප්පු සවාරියේ යෙදී සිටියදී රහස් පොලිස් අත්අඩංගුවට පත් අසාද් සාලි මේ දක්වා මහෙස්ත්‍රාත්වරයෙකු හමුවකට ඉදිරිපත් කර නොමැති බවද පෙත්සමෙහි සඳහන් වේ.

තමා අඩංගුවට ගැනීමේදී ඊට හේතු වූ කරුණු පැහැදිලි කිරීමට පොලිසිය පියවර නොගත් අතර තමා මාවනැල්ල බුදු පිළිම කඩා දැමීමේ සිද්ධියට සම්බන්ධ නොමැති බවත් අසාත් සාලි සිය පෙත්සමෙන් සඳහන් කර තිබේ.

මෙසේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව වහාම රැඳවුම් භාරයෙන් මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අසාත් සාලි සිය නීතිඥවරිය මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා ඇත.

Related posts

කොරෝනා ආසාදිතයන් තවත් ඉහලට

colombotoday

ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න CID අත්අඩංගුවට ගන්න යයි

colombotoday

චීනයෙන් ලබාදෙන මානුෂිය ආධාර වල පළමු සහල් තොගය නැව්ගත කරයි

colombotoday

රාජිත සේනාරත්න මාධ්‍යයට ගෙනා සුදුවෑන් රියදුරන් දෙදෙනා රිමාන්ඩ්

colombotoday

රෝයල් පාක් ඝාතනයේ වරදකරු රටින් පිටව ගිහින් – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි

colombotoday

රවිරාජ් ඝාතන චෝදනාවෙන් නිදහස් වී අද පාරන්දර ගෙදර ගිය බුද්ධි අංශ නිලධාරීන් රට ගැන කී දේ (Video)

colombotoday