Colombo Today Local News

පාස්කු කොමිසම් වාර්තාව : අමාත්‍ය අනු කමිටු අවසන් වාර්තාව ජනපති අතට

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අධ්‍යයනය කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටු අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී තිබේ.

කමිටු සභාපති, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (05)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

2021 පෙබරවාරි මස 19 වන දින ජනාධිපතිවරයා විසින් කමිටුව පත්කරනු ලැබීය.

කමිටු වාර්තාව මාර්තු මස 15 වන දිනට පෙර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද වැඩිදුර විමර්ශනය සඳහා කමිටුව තවත් සති දෙකක කාලයක් ලබා ගත්තේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තා දීර්ඝ ලෙස අධ්‍යයනය කළ කමිටුව නිර්දේශ 78ක් හඳුනාගෙන තිබේ.

එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කෙසේද, ක්‍රියාත්මක කරන්නේ කුමන ආයතන ද යන්න වාර්තාවට ඇතුළත් කර ඇත.

නීතිමය කාරණා පිළිබඳ නිර්දේශ ජනාධිපතිවරයා විසින් මීට පෙර නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබීය.

කමිටුවේ සෙසු සාමාජිකයන් වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන සහ කමිටුවේ ලේකම් ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) හරිගුප්ත රෝහණධීර යන මහත්වරු වාර්තාව භාරදීමේ අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

“වෙනම රටක් ඕනෑ කියා දැන් කැටපෝලයක්වත් උස්සන්නෑ“ – දඹර අමිල හිමි

colombotoday

කැලණිය විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙනතුරු වසාදමයි

Admin

පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි. ඡන්දය ජනවාරි 5 ?

colombotoday

කවුරු විරුද්ධ වුවත් ඉන්දියාව එක්ක ගිවිසුම ගසා රැකියා දස ලක්ෂයක් බිහිකරනවා – අගමැති

colombotoday

ආණ්ඩුව හදපු ගමන් බලය විමධ්‍යගත කරනවා

Admin

අහෝ දුකකි! අපේ උරුමයට වෙන දේ මෙන්න… ගෝනවල පන්සලක බෝධියක් කිසියම් පිරිසක් කපා දමලා

colombotoday