Colombo Today Local News

පාස්කු කොමිසම් වාර්තාව : අමාත්‍ය අනු කමිටු අවසන් වාර්තාව ජනපති අතට

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අධ්‍යයනය කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටු අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී තිබේ.

කමිටු සභාපති, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (05)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

2021 පෙබරවාරි මස 19 වන දින ජනාධිපතිවරයා විසින් කමිටුව පත්කරනු ලැබීය.

කමිටු වාර්තාව මාර්තු මස 15 වන දිනට පෙර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද වැඩිදුර විමර්ශනය සඳහා කමිටුව තවත් සති දෙකක කාලයක් ලබා ගත්තේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තා දීර්ඝ ලෙස අධ්‍යයනය කළ කමිටුව නිර්දේශ 78ක් හඳුනාගෙන තිබේ.

එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කෙසේද, ක්‍රියාත්මක කරන්නේ කුමන ආයතන ද යන්න වාර්තාවට ඇතුළත් කර ඇත.

නීතිමය කාරණා පිළිබඳ නිර්දේශ ජනාධිපතිවරයා විසින් මීට පෙර නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබීය.

කමිටුවේ සෙසු සාමාජිකයන් වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන සහ කමිටුවේ ලේකම් ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) හරිගුප්ත රෝහණධීර යන මහත්වරු වාර්තාව භාරදීමේ අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක්

colombotoday

මැයි 21 සිට දින 10කට ගුවන් මගීන්ගේ පැමිණීම අත්හිටුවයි

colombotoday

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සූක්ෂමව වලදමා තිබූ අත්විලංගුවක යතුරක් හමු වෙයි

colombotoday

ඇමති කුඩ්ඩන් 24කගේ නම් ලයිස්තුවක් CIDයට…

colombotoday

“යහපාලනය උදාවී තිබෙන මේ මොහොතේ ඕනෑම අයෙකුට තමන්ගේ භාෂාවෙන් ජාතික ගීය ගැයීමේ නිදහස තිබෙනවා“ – ඇමති වජිර

colombotoday

හෝමාගම උසාවියේ තාප්පෙන් පැන්න රාවණා බලයේ හිමිනමක් – අත්අඩංගුවට ගැනීමට පොලීස් පරීක්ෂණ

colombotoday