Colombo Today Local News

වාහන ආනයනයට අවසර දෙද්දී ප්‍රමුඛතාවයක් ලැබෙන වාහන ගැන ඇමති කබ්රාල් කියයි

රජය විසින් වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන විට ඉලෙක්ට්‍රික් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් යොමුකරනු ලබන බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් අද (05)දින පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍ය කබ්රාල් – අද ලෝකයේ බොහෝ රටවල් ඉලෙක්ට්‍රික් වාහන පිළිබඳව වැඩි සැලකිල්ලක් යොදවලා තියෙනවා. මං හිතන්නේ අපේ රටේත් එවැනි දෙයක් සිදුවිය යුතුයි. අපි යම් දිනයක වාහන ආනයනය කිරීමට අවසර දෙන විට අපි ඒ පිළිබඳව සැලකිලිමත් වෙන බව මතක් කර දෙන්නට කැමතියි. අපේ රට තුළ යම් ආකාරයකට වාහන නිෂ්පාදනය කිරීමට හැකියාවක් තිබෙනවා. ඒත් එක්කම රට තුළ අගය එකතු කිරීමත් අපිට ඉතාමත් හොඳින් කළ හැකි අවකාශයකුත් තිබෙනවා. විශේෂයෙන්ම ටයර්, සීට්, ඒ වගේ දේවල් අපේ රටේ කරන්න පුළුවන්. ඒ ගැනත් අපි සැලකිලිමත් වෙලා තියෙනවා. ඒ සියලුම අංශයන් ඔස්සේ කොවිඩ් වසංගතය නිසා එක් හොඳක් ලෙස අපේ රටේ ව්‍යාපාරිකයන් බොහොම උනන්දුවකින් කටයුතු කරනවා කියන්න පුළුවන්. ඒ නිසා ඒ හරහා අපිට මෙවැනි කර්මාන්ත දියත් කරන්න හැකිවෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා රජයේ දැඩි අවධානය යොමුකරනවා.

Related posts

අත්‍යාවශ්‍ය භාණ්ඩ ජංගම වෙළෙඳුන් හරහා බෙදාහැරීමට කටයුතු සුදානම්

colombotoday

බ්‍රිතාන්‍ය සමාගමක් රත්නපුරේ මැණික් ඉල්ලම් කැණීමට හොර රහසේම වැඩ අරඹයි

colombotoday

මම රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න වෙන් කල මුදල් වලට මොකද කලේ?

Admin

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑමයි

colombotoday

සහනාධාර මලු සොරකම් කළ 6ක් බඩුත් එක්ක මාට්ටු

colombotoday

ආයුර්වේද පනත බලාත්මකයි

Admin