ප්‍රාථමික පාසල් 3,000කට ආසන්න සංඛ්‍යාවක් යළි විවෘත කිරිම කෙරෙහි අවධානය යොමු වී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව ළමුන් 200 ට අඩු පාසල් එලෙස ආරම්භ කිරිමට අවධානය යොමුව ඇති බවයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට මුල්තැන දෙමින් පාසල් විවෘත කිරිමට මේ වනවිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව, පාසල් ආරම්භ කරන දින වකවානු, ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරනු ඇති.