Colombo Today Local News

යල කන්නයේ පොහොර මිලදී ගැනීමට ගොවීන්ට වවුචර් නිකුත් කිරීම අද සිට..

යල කන්නයේ වී වගාවේ නිරත ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා වවුචර් ලබාදීමේ වැඩපිළිවෙළ අදින්(22)දින ආරම්භ වෙයි.

අදාළ සහනාධාරය හිමිවීමට නියමිත ගොවීන් සංඛ්‍යාව, හයලක්ෂ පනස් දහසකි.

ඒ අනූව හෙක්ටයාරයක වී වගාවක් සඳහා රුපියල් 20,000ක සහනාධාර මුදලක් හිමිවෙයි.

ගොවීන්ගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් ඔවුන්ට අවශ්‍ය රසායනික හෝ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා අදාල සහනාධාරය ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.

ඒ සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 10 කි.

රජයේ පොහොර සමාගම් දෙක සපයන රසායනික හෝ කාබනික පොහොර ගොවි ජන සේවා මධ්‍යස්ථාන සහ පෞද්ගලික අංශය මගින් මිලදී ගැනීමට අවස්ථාව සළසා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.

Related posts

නිරෝධායන නීති කැඩූ තවත් 23 ක් අත්අඩංගුවේ

colombotoday

නීතිපති දෙපාර්තමේන්තුව නව ගොඩනැගිල්ලට

colombotoday

මිලියන 39කට අධික කේරල ගංජා තොගයක් සමග දෙදෙනෙක් කොටු

colombotoday

ධුරයෙන් ඉවත්වන්නැයි අගමැතිට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දන්වයි !

colombotoday

රුපියල කඩා වැටෙයි…

Admin

මහ බැංකුවේ තවත් බැදුම්කර නිකුතුවක් ගැන සැකයක් !

colombotoday