Colombo Today Local News

යතුරුපැදි ජාවාරමක සුල මුල හෙළිවෙයි. දෙදෙනෙක් වැල්ලවායේදී අත්අඩංගුවට

යතුරුපැදි සොරකම්කර අංක තහඩු සහ වර්ණය වෙනස්කර අලෙවි කරන ජාවාරමක් වැල්ලවාය පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

එම ජාවාරම සිදුකළ සැකකරුවන් දෙදෙනා වැල්ලවාය, නුගයාය ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් වයස අවුරුදු 27 සහ 54 යන වයස්වල පසුවන්නන් ය.

අදාළ සැකකරුවන් විසින් විවිධ ප්‍රදේශවලින් යතුරුපැදි සොරකම්කර පසුව සූක්ෂම ලෙස එම යතුරුපැදිවල අංක තහඩු සහ වර්ණය වෙනස්කර අලෙවිකර ඇති බවට පොලිස් මූලික විමර්ශන මගින් අනාවරණය වී තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී එලෙස සොරකම්කර වර්ණය සහ අංක තහඩු වෙනස්කළ යතුරුපැදි 5ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

සැකකරුවන් දීර්ඝ කාලයක සිට එම ජාවාරමේ නිරත වී ඇති බවද පොලීසිය පවසයි.

අදාළ සැකකරුවන් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

නීති විරෝධීව බෙදා දීමට සැලසුම් කළ සමෘද්ධි හිමිකම් පත‍්‍ර ලක්‍ෂ 8ක් මැකො අත්හිටුවයි

colombotoday

මංතිරු නීති කඩන රියදුරන්ට වෙන දේ

colombotoday

පරෙවි දූපතට පිවිසීමට නව පාලමක් ඉදිකරන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවේ

colombotoday

ප්‍රසන්නගේ බොරු.. පාද යාත්‍රාවට මගේ අනුමැතිය නෑ – ජනපති

colombotoday

ත්‍රීරෝද රථයකට ගිනි ඇවිලී අයෙක් මිය යයි

colombotoday