Colombo Today Local News

කොඩිකන්ද සේනාසනයේ හිමියන් ඝාතනය කර මිනී වළක් මත ගිනි තියලා

කොටදෙනියාව නවාන පොදු සුසාන භූමියේ මිනී වළක් මත දැවෙමින් තිබූ නාඳුනන මළ සිරුර අතුරුදන් වූ හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උඩුවිල ධම්මසිරි හිමියන්ගේ සිරුර බවට හඳුනාගෙන තිබේ.

එම ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ගල්නෑවේ සිරිධම්ම (23) හිමියන් විසින් සිරුර හඳුනාගත් බව කොටදෙණියාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පි.එම්. පුෂ්පකුමාර මහතා පැවසීය.

ඉකුත් දෙවැනිදා රාත්‍රීයේදී එම සේනාසනයට කඩාවැදුණු දස දෙනෙකුට අධික පිරිසක් එම හිමිනමට පොලු වලින් පහරදී වෑන් රථයක දමාගෙන පැහැර ගෙන ගොස් තිබිණි.

මෙම සේනාසනයේ වසර 16 ක සිට වැඩ වසන ගල්නෑවේ සිරිධම්ම හිමියන්, ඝාතනයට ලක්වූ උඩුවිල සිරිධම්ම හිමියන්ගේ නිකට ප්‍රදේශයෙන්, දත් වලින් සහ මෑතක දී අත් පා වල කපා තිබූ නියපොතුවලින් එලෙස හඳුනා ගත් බව ස්ථානාධිපතිවරයා පැවසීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පැහැර ගැනීමට යොදාගත් වෑන් රථයක්ද සමඟ පුද්ගලයෙකු හංවැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

කොටදෙනියාව මීරිගම මාර්ගයේ පොදු සුසාන භූමියේ මළ සිරුරක් මිහිදන් කළ වළක් මත සිරුරක් දැවෙන බවට කොටදෙණියාව පොලිසියට ලද තොරතුරක් අනුව මළ සිරුර සොයාගෙන ඇත.

කන් වලින් මුඛයෙන් හා නාසයෙන් ලේ ගලන තුවාල සහිතව තිබූ එම මළ සිරුර මුහුණ දැඩි ලෙස පිලිස්සී තිබිණි.

Related posts

ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් බිඳවැටේ

colombotoday

පාලන මිලට සහල් දෙන්න බෑ

Admin

අසාත්මිකතා නිසා රෝගීන් මියයාමේ පරීක්ෂණ වාර්තාව සති 3 කින්..

Admin

වැට් වැදී දුරකථන ගාස්තුව උඩ යයි.. 100 පෙරගෙවුම් කාඩ් පතට 33% බදු

colombotoday

පොලිසිය කියන්නෙ බොරු.. පිළිගන්න එපා – ඇප ලබා පැමිණි ලාල්කාන්ත කියන දේ

colombotoday

මන්ත්‍රීකම විතරක් මදි… ෆොන්සේකා කෝට්ටේ එජාප ආසන සංවිධායකකමත් ඉල්ලයි!

colombotoday