Colombo Today Local News

රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීම: කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසක් අධිකරණයට කැදවයි

මෙරට පෞරාණික වටිනාකමක් සහිත බුවනෙකබාහු රජතුමන් භාවිත කළ කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධියට වගකිවයුතු කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ගොනු කළ රිට් පෙත්සමේ සම්බන්ධයෙන් මැයි 18 වැනිදා අධිකරණය හමුවේ පෙනී කරුණු දක්වන්නැයි නියෝග කරමින් අභියාචනාධිකරණය ඊයේ (04)දින පොලිස්පති , කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිවරයා, පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, නගරාධිපති ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලදී.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම රිට් පෙත්සම සම්බන්ධයෙන් එදින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි ද විනිසුරු මඩුල්ල නියම කළේය.

කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධියට වගකිවයුතු කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් ඉදිරිපත් කරන්නැයි පොලිස්පතිට හා කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිට නියෝග කරන මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් නාමල් කරුණාරත්න මහතා මෙම පෙත්සම් ගොනු කර තිබිණි.

Related posts

සෙට්ටිකුලමේ දී පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

ස්වර්ණවාහිනී ගැටලුව ඇමති රවී කරුණානායක මැදිහත්වී විසඳයි

colombotoday

සේවය හැර ගිය සෙබළුන්ට සත් දින සමාකාලයක්

colombotoday

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළට

colombotoday

පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ වැන්දඹුවන්ට ගෙවන වැටුප් ගැන තීරණයක්

colombotoday

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට එරෙහිව විමර්ශනයක්

colombotoday