කලක් තිස්සේ මීගමුව බන්ධනාගාරයේ සිටින දියණියට හා බෑනාට ලබා ගැනීම සදහා එහි තාප්පයට උඩින් මත්ද්‍රව්‍ය හා විවිධ තහනම් බඩු විසිකිරීමේ යෙදුණු බව කියන හැටපස් හැවිරිදි කාන්තාවක සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මීගමුව පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උතුරු බටගම ජාඇල ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකි.
සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන චාජර් 14 ක් අතේපළදින ජංගම දුරකතනයක් ඇතුලු දේපල අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය වසරේ බන්ධනාගාරයේ තිබී හමුවු සිම්පත් දෙකක් සම්බන්ධයෙන් කල වමර්ශනවලින් පසු රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද තොරතුරු මත කදාන පොලිසියේ සහ මිගමුව පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් මෙම සැකකාරිය හා සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.