Colombo Today Local News

ලංකාව ආසන්නයේ විශාල භූමි කම්පාවක් සිදුවීමේ අවදානමක් – සිදුවන භූ කම්පන දත්ත ලබා ගන්න උපකරණ පද්ධතියක් නෑ

ශ්‍රී ලංකාව ආශ්‍රිත ඉන්දු – ඔස්ට්‍රේලියානු භූ තලයේ ඉදිරියේදී විශාල භූමි කම්පාවක් සිදුවීමේ අවදානමක් පවතින බවට ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයන් අනතුරු අඟවති.

ලංකාව ඇතුළත නොව ලංකාව ආසන්න භූමි කලාපයේ ඉතා විශාල භූමි කම්පාවක් සිදුවීමට ඉඩ තිබෙන බවත්, ඉන්දු ඔස්ට්‍රේලියා භූ තලය මැදින් වෙන්වන ලක්ෂණ කාලයක් තිස්සේ පෙන්නුම් කරන බවත්,එය සෙමින් සෙමින් සිදුවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න කියයි.

ලංකාවේ සිදුවන භූ කම්පන පිළිබඳ දත්ත ලබා ගැනීමට ඇත්තේ උපකරණ හතරක් පමණක් බවත්, වර්ග කිලෝමීටර් හැට පන්දහසක් සඳහා මෙය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද ඔහු පවසයි.

මේ පිළිබඳව අදාළ අංශවල බලධාරීන් දැනුවත් කළද මෙතෙක් නිසි අවධානයක් යොමුකර නැතැයිද ඔහු සඳහන් කළේය.ලංකාව ආශ්‍රිත භූමි කලාපයේ සිදුවිය හැකි භූමි කම්පාව ඇතිවන කාලය සහ විශාලත්වය පිළිබඳව වැටහීමක් ලබා ගැනීමට නම් අඩුම තරමේ උපකරණ පද්ධතියක් සවිකළ යුතු බවත්, රජයක් ලෙස එය ස්ථාපිත කිරීමට පියවර ගතයුතු බවද ඔහු පවසයි.

Related posts

2018දී පාර්ලිමේන්තුවේ වචනයක් කතා නොකළ මන්ත්‍රීවරු 13ක්

colombotoday

අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම් දීමට දුරකතන අංකයක්

colombotoday

කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ සිදු කළ වනසංහාරය ගැන වාර්තාවක් පරිසර ඇමැති ඉල්ලයි

colombotoday

“ඒක එතුමගෙ පුද්ගලික මතය පමණයි“.. සුජීව ජනපතිව හෑල්ලුවට ලක්කරයි !

colombotoday

හිරුනිකාගේ ජීවිතය ගැන වගකීම රජය ගත යුතුයි. | දුමින්ද නිදහස්වීම ගැන ෆොන්සේකාගේ අදහස

colombotoday

යාපනේට රජයේ ප්‍රකාශන කාර්යාංශයක්

colombotoday