Colombo Today Local News

මම ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තෙ නෑ – ගම්මන්පිල දිවුරයි

තමන් ඇලෝසියස්ගෙන් කිසිම දවසක මුදල් නොගත් බව නිශ්චිතව සඳහන් කළ හැක්කේ දිවුරුම් ප්‍රකාශයකින්. පමණක් වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද‍(04) කොළඹ පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

අද දිනයේ දී ඒ අනුව දිවුරුම් කොමසාරිස්වරයෙකු ඉදිරියේ තමා අත්සන් තැබු බව ද දිවුරුම් ප්‍රකාශයක් හරහා බොරුවක් පවසන්නේ නම් වසර 2ක සිර දඩුවමක් ලැබිය හැකි බව ද ගම්මන්පිල මහතා මෙහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම දිවුරුම් ප්‍රකාශය හෙට(05)දිනයේ දී කතානායකවරයාට බාර දීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙදිනක හෝ බැඳුම්කර ගනුදෙනුව සිදු කළ 118 දෙනා හෙළි කර ගන්නා තුරු තමන්ගේ කීර්ති නාමය රැක ගැනීමට තිබෙන හොඳම ක්‍රමය මෙවැනි දිවුරුම් ප්‍රකාශයක් ලබා දීම බව තමා විශ්වාස කරන බව ද ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් අත්සන් තබන ලද දිවුරුම් ප්‍රකාශය පහතින් දැක්වෙයි.

Related posts

මාරක ළිඳේ පඩිපෙලකින් ඇද වැටී දරුවෙක් ජීවිතක්ෂයට

Admin

මැතිවරණ අපේක්‍ෂකයන් 107ක් ප්‍රචාරක කටයුතුවල දී කොරෝනා නීති කඩලා

colombotoday

අනුර හමුවෙන්න එන ධන කුවේරයා

Admin

සිසුන්ට මත් ගුලි අලෙවි කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට

colombotoday

මාස හතරක් සිංගප්පූරුවේ සමාගමකින් තෙල් ගන්න කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

Admin

රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයෙන් ඉවත්විය යුතුයි – අනුර කුමාර දිසානායක

colombotoday