Colombo Today Local News

“රට බෙදීමට, ෆෙඩරල් යෝජනාවට අපි විරුද්ධයි” අලුත් දෙමළ පෙරමුණේ මතය සංගරි හෙළි කරයි

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී මහතා පසුගියදා නව දේශපාලන පක්ෂයක් පිහිටුවීය.

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා පෙරමුණ ලෙස දැනට නම්කොට ඇති මෙම පක්ෂය සදහා ඊ.පී.ඩී.පී. සංවිධානය, ඊරෝස් සංවිධානය ඇතුලු දෙමළ සංවිධාන 15ක් පමණ සහය දක්වා ඇති බව ආනන්ද සංගරී මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා කියාසිටින්නේ තමා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වී පිහිට වූ මෙම දේශපාලන පක්ෂයට එකුතුවීමට කැමති අය සිටීනම් තමන් ඊට අවස්ථාව සලසා දී ඇති බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සමඟ විරුද්ධ නැතත් එම සන්ධානය දෙමළ ජනතාව රවටවමින් රට බෙදීමටත්, ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලීමටත් පෙළඹී සිටීමට තමා ඇතුළු පිරිස විරුද්ධ බව ආනන්ද සංගරී මහතා ප්‍රකාශ කරයි.

තමන් හෝ තම පක්ෂය කිසි දිනක ෆෙඩරල් පාලන ක්‍රමයක් හෝ නීති විරෝධී යමක් ඉල්ලීමට උත්සහ නොකරන බව සඳහන් කළ සංගරී මහතා රටේ සියලු දෙනාටම සම අයිතිවාසිකම් යටතේ සහෝදරයින් මෙන් ජීවත් විය හැකි ක්‍රමයක් පමණක් තම පිරිස අපේක්ෂා කරන බව පැවසීය.

දෙමළ ජනතාවට මුහුණදීමට ඇති සියලු ප්‍රශ්න වලට විසදුම් සෙවීමටත්, යුද්ධයෙන් පීඩාවට පත්ව සිටින සියලු දෙනාට සහන සැලසීමත් තම පක්ෂයේ බලාපොරොත්තුව බව පැවසූ ඒ මහතා දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව රවටමින් දේශපාලනය කළත් ඔවුන්ට ඒ නමවත් භාවිත කිරීමට අයිතියක් නැතැයි ද කියාසිටියේ ය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ එල්.ටී.ටී.ඊ.සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන්ගේ ප්‍රශ්න මෙතෙක් විසදී නොමැති නිසා ඒවා විසදීම ද තම පක්ෂයේ එක් අරමුණ බවයි.

වව්නියාව – දිනසේන රතුගමගේ

Related posts

අගමැති සමග ඇතැයි කියන ආරවුල ගැන මහ බැංකු අධිපතිගෙන් පණිවුඩයක්

colombotoday

වව්නියාව රණවිරු ගමට පැන්න කොටි පිස්තෝල කල්ලියේ සින්නවන් අත්අඩංගුවට !

colombotoday

ඇඳිරි නීතිය පැනවෙන වේලාව සංශෝධනය කෙරේ

colombotoday

විදුලි බිලට එරෙහි වූ හිමිනමක් ඇතුළු විරෝධතාකරුවන් 6ක් අත්අඩංගුවට

Admin

රවි කරුණානායකට කැබිනට් අමාත්‍ය ධුරයක් නොදී සිටීමට හේතුවක් නෑ – නීතිපති දෙපාර්තමේන්තුව දන්වයි

colombotoday

“මහින්දගේ කාලේ නිධන් හෑරුවේ මාධ්‍යටත් කොලේ වහලා“ – සජිත් කියයි

colombotoday