Colombo Today Local News

“කවුරු මොනව කීවත් භික්ෂු සමාජයේ විනය හදනවා” – ජනපති කියයි

කවුරු බැන වැදුණත් මහ නායක හිමිවරුන්ගේ අනු ශාසනා පරිදි භික්ෂු සමාජයේ විනය හැදීමේ වැඩ පිළිවෙළ නැවත පටන් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

භික්ෂු සමාජය විනය ගරුක කිරිම, ශක්තිමත් කිරීම රටක වගකීම බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (17) පස්වරුවේ පැවති රාමඤ්ඤ නිකායේ නායක ධූරයට පත්වුණු මාතලේ කුසලධම්ම හිමියන්ට අක්ත්‍රපත්‍ර පිරිනැමීමේ උත්සවයේදීය.

ජනාධිපතිවරයා එහිදී මේසේද කීය.

‘‘භික්ෂු සමාජයේ වගකීම් යුතුකම් ප්‍රශ්න ගැන මෙතැනදී කතා කෙරුණා. වත්මන් රජය බලයට පත්වු අවස්ථාවේදී 2015 මුල් මාස කිහිපයේදී අප මේ සම්බන්ධයෙන් මුලික වැඩ කොටස් රාශියක් ක්‍රියාත්මක කළා.ඇතැම් දේවල් සම්බන්ධයෙන් අණ පනත් යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ එක්කම කැපවුණු භික්ෂුන්වහන්සේලා ගේ ප්‍රශ්න , ගැටලු , විරෝධතා ඒ වගේම නිකායික වශයෙන් ඇතිවුණු විවිධ ප්‍රශ්න අදහස් නිසා ඒ කරගෙන ආ වැඩ කටයුතු නතර කරන්න සිදුවුණා. ඔබ වහන්සේලාගේ අනුශාසනා මග පෙන්වීම් ලැබෙනවා නම් ඒ කටයුතු අපට නැවතත් ආරම්භ කරන්න පුළුවන්.අප රටක් විදියට වැඩ කරන්නේ මහ සංඝයාගේ මග පෙන්වීම් අනුවයි‘‘.

Related posts

ප්‍රමුඛතාව අනුව උසස් පෙළ – සාමාන්‍ය පෙළ සිසුනට ෆයිසර් එන්නත ලබා දිය යුතුයි

colombotoday

පල්ලියේදී ගව මස් කෑ දහසක් ලෙඩ වෙති.. තිදෙනෙක් මරුට.. අම්පාරේ රෝහල් පිරෙයි !

colombotoday

රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම ඇරඹෙයි

colombotoday

ආණ්ඩුව හදපු ගමන් බලය විමධ්‍යගත කරනවා

Admin

LTTE බිරින්දෑවෝ රට පන්නා කොටු වූ නගර සභා සභාපති

colombotoday

නත්තල් සීයා එයි හාල් හුණ්ඩුවයි පොල් බෑයයි දී යයි

Admin