Colombo Today Local NewsWorld

“ලංකාවේ ඊළම හදන්න ඇපකැප වෙනවා” තමිල්ණාඩු ද්‍රවිඩයන් කුලප්පු කර ජයලලිතා ඡන්ද ගරයි

jayalalitha3

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් වෙනම රාජ්‍යක් හෙවත් ඊළමක් බිහිකරලීම සදහා පූර්ණ වශයෙන් කැපවන බව තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් සිය මැතිවරණ ප්‍රකාශයෙන් අවධාරණය කර ඇත.

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ලබන 16 වැනිදා පැවැත්වෙන අතර ඊට අදාළව ජයලලිතාගේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමිල්නාඩුවේ ඊරෝඩ් හිදී එළිදැක්වූණි. එම මැතිවරණ ප්‍රකාශනයේ දැක්වෙන්නේ මෙරට යුද්ධයේ දී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම සදහා වගකිව යුතු පුද්ගලයින්ට දඩුවම් හිමිවිය යුතු බව ඇය සදහන් කර ඇතැයි ඉන්දියා ටුඩේ පුවත්පත වාර්තා කර සිටී.

ඒ සදහා බලපෑම් කිරීමට තමා කටයුතු කරන බවට තමිල්නාඩු මහඇමතිනිය සිය මැතිවරණ ප්‍රකාශනයේ සදහන් කර ඇත.තමිල්නාඩුවේ සරණාගත කදවුරුවල සහ ඉන් පිටත වසර ගණනාවක් තිස්සේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයන්ට ද්විත්ව පුරවැසිභාවය ලබාදීම ද තමිල්නාඩු මහ ඇමතිනියගේ මැතිවරණ පොරොන්දු වලට අයත් වේ

ඒ සදහා ඉන්දීය මධ්‍යම රජය පොළොඹවා ගැනීමට කටයුතු කරන බව ඇය අවධාරණය කළාය.

Related posts

අලුත් අවුරුදු දා රිය අනතුරු 121ක් – 10ක් මරු දකී

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ හදිසි සෝදියකදී ජංගම දුරකථන ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනේ

colombotoday

ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියෙන් පැනවූ තහනම දීර්ඝ කෙරේ

colombotoday

නිමල් ලෙව්කේට සමගි ජනබලවේගයේ වෘත්තිය‌වේදී බුද්ධි මණ්ඩප විශේෂ සාමාජිකත්වය

colombotoday

කේරළ ගංජා සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

colombotoday

ඔක්තෝබර් මසයේ රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට

Admin