Colombo Today Local News

කැබිනට් අමතිකමක් නුදුන්නැයි පියසේන ගමගේ වර්ජනයක !

පියසේන ගමගේ රාජ්‍ය අමාත්‍යවරයා මැයි 02 වැනිදා පැවැති රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගිවීම ප්‍රතික්ෂේප කර තිබිණි.

මේ සම්බන්ධයෙන් පියසේන ගමගේ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් “රාවය” පුවත්පත කර තිබූ විමසීමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් හෝ රාජ්‍ය අමාත්‍ය ධූරයක් නොව කැබිනට් අමාත්‍ය ධූරයක් බලාපොරොත්තු වූ බවත් එය නොලැබීම නිසා එම අවස්ථාවට එක් නොවූ බවයි.

එමෙන්ම තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණිම සාමාජිකයකු මෙන්ම ජනාධිපතිවරයාගේ සමකාලීනයකු බවද පවසා තිබේ.

මීට පෙර කැබිනට් අමාත්‍ය ධූරයක් ලබාදීමට අවස්ථාව නොලැබුණද, මේ අවස්ථාවේ පුරප්පාඩු අමාත්‍යංශ පැවැති බැවින්, තමන්ට අනිවාර්‍යයෙන්ම කැබිනට් අමාත්‍ය ධූරයක් ලබාදේ යැයි බලාපොරොත්තු වුවත් එය සිදු නොවූයෙන් සිතා මතාම දිවුරුම්දීමට සහභාගි නොවූ බවද ඔහු සඳහන් කර ඇත.

මැයි 03 වැනිදා ඒ සම්බන්ධයෙන් විමසිමක් කළ බවත් එහිදී කැබිනට් ඇමති ධූරවල වෙනසක් නොවන බව ජනපතිවරයා පැවසූ බවද ඔහු කියා තිබේ.

Related posts

පිට පිට දින දෙකකදී කළුතර බන්ධනාගාර⁣යට ඉගිල ආ තහනම් පාර්සල්

colombotoday

නීතිවිරෝධීව ගෙන්වූ තුන් කෝටි අසූ ලක්ෂයක උඳු

colombotoday

අන්තරේ කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

නිවාස සංකීර්ණයක ඉහළ මහලෙන් පැන අයෙක් දිවිනසා ගනී

colombotoday

යාපනයේ නාවික සෙබලුන් 51කට කොරෝනා

colombotoday

“රණවිරු මාපිය රැකවරණ” දීමනා මුදලින් රුපියල් මිලියන 08 ක් අතුරුදහන්

colombotoday