Colombo Today Local News

ග්ලයිපොසෙට් තහනම ඉවත් කිරීම ගැන ජනපති දන්නෙ නැතිලු…

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම පිළිබඳව විමසූ අවස්ථාවේ  තමන්  එවැනි තීරණයක් නොගත්තේ යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවැසූ බවත් ඒ පිළීබඳ  ජනාධිපති ලේකම්වරයාගෙන් විමසු අවස්ථාවේ තමන් කිසිවක් නොදන්නා බව ඔහු ද පැවැසූ බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

අමාත්‍ය නවීන් දිසානායක මහතා පමණක් මෙම තහනම ඉවත් කළ බව කියන්නේ යැයි කී උන් වහන්සේ ජනතාව පිළිගත යුතු කවුරුන් කියන දේ දැයි වටහා ගත නොහැකි බව ද කිහ.

රටේ නායකයා හෝ ඔහුගේ ලේකම්වරයා නොදැන තීන්දු ගත නොහැකි  බැවින් මෙම තහනම ඉවත් කර නැති බව පෙනී යන්නේ යැයි ද රතන හිමියෝ පැවැසූහ.

‘‘අපේ උපදෙස් වත් ජනතාව කියන දේවත් අහන්නේ නැහැ. මට නම් පේන්නේ ආණ්ඩුව තමන් කරන්නේ මොකක්ද කියල වත් දන්නේ නැහැ. එක්කෝ වහා ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය කැ`දවන්න්. නැත්නම් ඉදිරි අවුරුදු දෙක වෙනුවෙන් ස්ථිර ප‍්‍රතිපත්තියක් ප‍්‍රකාශයට  පත් කරන්න. ජනතාව අමාරුවේ දාන්න එපා කියා මම ඉල්ලා සිටිනවා.’’ යැයි ද රතන හිමියෝ පැවැසුහ.

උන් වහන්සේ මේ අදහස් පළ කළේ සදහම් සෙවනේ අද (03) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. පරිසර හිතකාමි තිරසර සංවර්ධන එකමුතුව විසින් සංවිධානය කරන  ලදුව  සදහම් සෙවනේ මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර බොදු සමුළුවක් අතරතුර පැවැත්වූ මාධ්‍ය හමුවක දී රතන හිමියෝ මෙම අදහස් ප‍්‍රකාශ  කළහ.

‘‘මේක රජයක්. තනි පුද්ගලයින්ට අවශ්‍ය විදියට කටයුතු  කරන්න බැහැ. එතුමන්ලාට ප‍්‍රතිලාභ ඇති. ඒත් පෞද්ගලික අභිලාෂ  මත තීරණ ගන්න සුදානම් වෙන්න එපා. ’’ යැයි ද රතන හිමියෝ එහි දී තව දුරටත් පැවැසූහ.

Related posts

පෙට්‍රල් නෑ කියල කෑලි යන්න බනින්නේ මට.. ෂෙඩ්වලට පෙට්‍රල් බෙදන්නෙ මමද – ජනපති අසයි

colombotoday

“තරග දිනන්න බඩ බාධාවක් නොවේ.. බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගිහින් ක්‍රිකට් විනාශ කරා“ – අර්ජුන

colombotoday

කැලණි ගඟට කසල දමන්නන් සොයා CCTV සවි කිරීමේ සැලැස්මක්.

colombotoday

“යහපාලනය යටතේ පොලීසියේ ස්වාධීනත්වය තවත් පහළට“- UN අලුත්ම වාර්තාව හෙළි කරයි

colombotoday

දකුණේදී බුරා පනින පොලිස්පති උතුරේදී හා පැටියෙක්.. සිංහනාද කරන ඇමතිලා ඇදන් යට

colombotoday

හමුදාව පාවාදුන් හමුදා ලොක්‌කෙක්‌ යහපාලනයෙන් යළි සේවයේ පිහිටුවයි!

colombotoday