ජනාධිපතිවරයා සමග කටයුතු කළ හැකි වුවත් අගමැතිවරයාගේ දර්ශනය සහ වැඩපිළිවෙල සමග එකට වැඩකළ නොහැකි බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු පවසයි.
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු 16 දෙනා ඊයේ දළදා වහන්සේ වැදපුදා ගැනීමෙන් පසු මල්වතු මහා නාහිමියන් බැහැදුටු අවස්ථාවේ මේ බව සැලකර සිටියහ.
රටේ සංස්කෘතිය පවා නොතකා කටයුතු කරන බවත්, සමලිංගික විවාහ නීතිගත කිරීම සදහා අවස්ථා තුනකදීම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළ බවත් හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා එහදී කියා සිටියේය.