Colombo Today Local News

කැබිනට් සංශෝධනයෙන් පසු ආණ්ඩුවේ තවත් 10ක් විපක්ෂයට

අද පැවැත්වීමට නියමිත කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයෙන් පසු ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැති ඇමැතිවරුන් දස දෙනකු පමණ විපක්‌ෂයේ අසුන් ගැනීමට නියමිත බව හිටපු ඇමැති එස්‌. බී. දිසානායක මහතා පවසයි.

මීට පෙර ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රීල.නි. පක්‍ෂයේ ඇමැතිවරුන් 16 දෙනාගෙන් කිසිවකු නැවත ආණ්‌ඩුවට එකතුවී කැබිනට්‌ අමාත්‍ය ධුර ලබා නොගන්නා බවද හෙතෙම කියා සිටී.

එම 16 දෙනා ආණ්‌ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ අසුන් ගත්තේ ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌ බිහිකිරීමට බවත්, එය ඉටුවෙන තෙක්‌ විපක්‍ෂයේ සිටිමින් ආණ්‌ඩුවට එරෙහි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් එස්‌.බී. දිසානායක මහතා කීවේය. ඒ සඳහා ඉවත් වූ 16 දෙනාට ශක්‌තියක්‌ වෙමින් නව කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයේ දී තවත් දස දෙනකු විපක්‌ෂයේ අසුන් ගන්නා බවද හිටපු ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

බොරැල්ල කිතුල්වත්ත මාර්ගයේ නිවාස කිහිපයක ගින්නක්

colombotoday

බේකරි නිෂ්පාදනවල මිල වැඩිකරන්න තීරණයක්

Admin

සිපෙට්කෝ ඉන්ධන නොදෙන බව කියමින් විරෝධතාවක්… මීගමුව – කොළඹ මාර්ගය වැසෙයි

colombotoday

කෝප් කමිටුව ගැන සාකච්ඡා කරන්න පක්ෂ නායකයින් අද රැස්වෙයි

Admin

මුලතිව්හි ශෝකජනක සිදුවීමක්: කොට්ටුකිනාරු කෝවිල් පොකුණේ ගිලී පාසල් සිසුවියන් දෙදෙනෙක් මිය යයි

Admin

අස්වැසුම ගැන ලැබුණු අභියාචනා විමර්ශනයට පියවර

Admin