Colombo Today Local News

වසවිස නැති, කොන්ද පණ තියන කෙනෙක් මීළග ජනාධිපතිකමට ගේනවා – රතන හිමි

වස විසෙන් තොරව ගොවිතැනක් කරගෙන යෑමට ජනතාවට ඉඩ සලසන කොන්ද පණ තියෙන අපේක්ෂකයකු මීළඟ ජනාධිපති අපේක්ෂකයා වශයෙන්. ඉදිරිපත් කරන බව වස විස නැති රටක් ජාතික වැඩසටහනේ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

ඒ සඳහා අවශ්‍ය කරන ජන පදනම ජාතික ගොවි සමුළුව හරහා මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වන ගොවි සමිති ලියාපදිංචි කිරීම් තුළින් ලබාගැනීමට කටයුතු කරන බව උන්වහන්සේ සඳහන් කළහ.

ආණ්ඩුවේ අය හෝ විපක්ෂයේ අය මීළඟට ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි නම් කරමින් සිටින බව පැවැසූ උන්වහන්සේ එම අපේක්ෂකයන් අතුරින් ග්ලයිෆොසේට් ලබා දෙන බවට පොරොන්දු වෙන ඕනෑම අපේක්ෂකයකු පරාජය කිරීමට අවශ්‍ය ජන පදනම සකස් කරන බව පෙන්වා දුන්හ.

හැකිනම් ග්ලයිෆොසේට් ලබාදෙන බව ප්‍රකාශ කරමින් ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කර පෙන්වන්නැයිද උන්වහන්සේ අභියෝගයක් කරති.

රතන හිමියන් මේ බව සඳහන් කළේ ඊයේ (24දා) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී වස විස නැති රටක් ජාතික වැඩසටහනට වසර දෙකක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදීය.

Related posts

හෙට සිට ජනතාවට නෙලුම් කුළුණ විවෘතයි

colombotoday

2016 විමධ්‍යගත මුදල් සත පහක් තවම දීල නෑ.. අද අපට වැඩ කරන්න සල්ලි නෑ – රෝෂාන් රණසිංහ

colombotoday

අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම් ඇනහිටී

colombotoday

ජනපති රනිල් තෙවැනි චාල්ස් රජු හමුවෙයි

colombotoday

මත්තල වී ගබඩාවට මීයන් පනී.. කෝටි ගණනක් වටිනා අධි සංවේදී උපකරණ අනතුරේ

colombotoday

සිරකරුවන් හමුවීමේ ක්‍රමවේදය යථාවත් කිරීමට සූදානමක්

colombotoday