World

ඉරානයේ ජ්‍යෙෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥයා ඝාතනය කෙරේ

ඉරානයේ ඉතා ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික විද්‍යාඥයෙක් වන මොෂේන් ෆක්රිසාඩේ එරට අගනුවරට ආසන්න නගරයකදී ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ටෙහෙරාන් නගරයට ආසන්න ඩමවාන්ඩ් නම් ප්‍රදේශයේ අබ්සාර්ඩ් හිදී ෆක්රිසාඩේ ව ඝාතනය කර තිබේ.

එම ඝාතනය හෙළා දකිමින් ඉරාන විදෙස් අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සරීෆ් පැවසුවේ එය “රාජ්‍යයක් විසින් කරන ලද ත්‍රස්ත ක්‍රියාවක්” බවය.

බටහිර බුද්ධි අංශ පවසන්නේ ඉරානය විසින් සිදුකරගෙන යනු ලබන රහසිගත න්‍යෂ්ටික අවි වැඩසටහන පිටුපස සිටින ප්‍රධාන චරිතය වන්නේ ෆක්රිසාඩේ බවය.

එම න්‍යෂ්ටික විද්‍යාඥයා සිය මෝටර් රථයෙන් යමින් සිටියදී පුද්ගලයින් පිරිසක් ඊට වෙඩිතබා තිබේ.

එහිදී ඔහු තුවාල ලබා ඇති අතර ඔහුගේ ආරක්ෂකයින් එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ ප්‍රහාරකයින් සිව් දෙනෙක් මියගොස් තිබේ.

2010 – 2012 අතර කාල සීමාවේදී ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයින් සිව් දෙනෙක් ඝාතනය කර ඇති අතර ඉරාන බලධාරීන් ඒ පිළිබඳව ඊශ්‍රායලයට චෝදනා කරයි.

Related posts

ෂී ජින් පින් චීන ඉතිහාසය වෙනස් කරයි

Admin

බලයෙන් පහකළ අවුන් සාන් සුකී වසර 4ක් සිරගෙට

colombotoday

වතිකානුවේ අපචාර ගැන පාප් තුමා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

colombotoday

මියන්මාර් හමුදාවේ වෙඩි පහරින් ළමුන් 43ක් මිය ගිහින්

colombotoday

මියන්මාර් උද්ඝෝෂකයින්ට ආරක්ෂක හමුදාවෙන් වෙඩි – 38ක් මරු දකී

colombotoday

ලන්ඩනයේ බසයක් තුලදී තරුණයෙකුට බුර්කාවක සගවාගෙන ආ පිහියකින් අනි

colombotoday