Colombo Today Local News

ජනපති සමග ලන්ඩන් ගිය දූත පිරිස ගැන ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ගිය දූත පිරිස පිළිබදව පලවන වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිතුමා සමග සහභාගී වූ නිල දූත පිරිස පිළිබඳව විවිධ අසත්‍ය තොරතුරු වාර්තා වෙමින් පවතී.

මෙම සමුළුව වෙනුවෙන් ජනාධිපතිතුමා සමග නිල දූත පිරිසට එක්වූයේ ජනාධිපති බිරිඳ, ජනාධිපතිතුමාගේ නිල වෛද්‍යවරයා, අමාත්‍ය තිලක් මාරපන මහතා සහ ඔහුගේ බිරිඳ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, භාෂා පරිවර්තක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු පමණි.

තවද නිල දූත පිරිසට අයත් නොවූවත් ජනාධිපති මාධ්‍ය අංශයේ විද්‍යුත් හා මුද්‍රිත වාර්තාකරුවන් සහ රජයේ හා පෞද්ගලික මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ද ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් කිහිපදෙනෙක් ද මීට එක්ව සිටිති.

ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට හෝ ඊට සමගාමීව පැවති වෙනත් කිසිදු හමුවකට ජනාධිපති කාර්යාලයේ වියදමින් කිසිදු පුද්ගලයෙක් සහභාගී වී නොමැත.

මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් යන මහත්වරුන් සහභාගී වී ඇත්තේ ආර්ථික සමුළුවට බව ද දන්වා සිටින අතර එම ආර්ථික සමුළුව නියෝජනය කළ කිසිදු පාර්ශ්වයකට ජනාධිපති කාර්යාලය වියදම් දරා නැත.

එබැවින් ඇතැම් මාධ්‍යවල සියයකට අධික දූත පිරිසක් සහභාගී වන බවට පළවන මාධ්‍ය වාර්තා ප‍්‍රතික්ෂේප කර සිටිමු.

ජනාධිපති මාධ්‍ය ඒකකය

Related posts

GMOA ට එරෙහිව තවත් වෛද්‍ය සංගමයක්.. රාජිත සමග අද වැඩ අරඹයි !

colombotoday

18ට වැඩි අයට හමුදා කඳවුරු තුළ පුහුණුවක් ලබාදිය යුතුයි

colombotoday

ඩිසල් පෙට්‍රල් ඇතිවෙන්න තියෙනවා. – විකිනෙන්නේ අඩුවෙන් – ඉන්ධන පිරවුම්හල් සේවකයින් කියයි

colombotoday

අගමැති ඉන්දියා යයි.. මුකම්බිකා කෝවිලේ මහා දුර්ගා පූජාවක් !

colombotoday

මුස්ලිම් දේහයක් පුච්චද්දී මිලියන දෙකක මුස්ලිම්වරුන්ගේ හැගීම් පිච්චෙනවා – අලි සබ්‍රි නැවතත් සටනට

colombotoday

ජනපති, ගෝඨාභය ඝාතන කුමන්තණය : නි.පොලිස්පති නාලක ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවතට…

colombotoday