Colombo Today Local News

13 එසේම තිබියදී විධායක ජනාධිපති ධුරය අහෝසි කරාට කමක් නෑ.. ඉන්දියාවෙත් එහෙමයි – ජවිපෙ නායක අනුර

13 වන ව්‍යවස්ථා සංශෝධනය එසේම තිබියදී විධායක ජනාධිපති ධුරය අහෝසි වූවාට ගැටළුවක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඉන්දියාවේත් විධායක ජනාධිපති ධුරය නොමැතිව ප්‍රාන්ත වලට වැඩි බලතල ලබා දෙන පාලන ක්‍රමය ක්‍රියාත්මක බවද ජවිපෙ නායකයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් 20 සංශෝධනයට සහය දැක්වීමේ කොන්දේසියක් ලෙස මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබදව සලකා බලන බවද හෙතෙ කියා සිටී.

ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කිය සිටියේය.

88-89 ජවිපෙ අරගලයට මූලික වූයේද ඉන්දියානු මැදිහත් වීමෙන් පළාත් සභා ක්‍රමය මෙරට ස්ථාපිත කළ 13 වැනි සංශෝධනයයි. තරුණ ජීවිත හැට දහසක් සහ ගණනය කළ නොහැකි තරමේ දේපළ නිරපරාදේ විනාශ කරමින් 13ට එරෙහිව අරගල කළ ජවිපෙ අද සිටගෙන සිටින්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ තැනකය.

[fbvideo link=”https://www.facebook.com/anurakumara/videos/952500384904409/” width=”570″ height=”400″ onlyvideo=”1″]

Related posts

එක්නැලිගොඩ අතුරුදන් කලායැයි සිර කර සිටි රණවිරුවෙක්ට ඇප

colombotoday

කොටි නිල ඇඳුමින් ඡායාරූප ගත් තරුණයෝ 6ක් අත්අඩංගුවට

colombotoday

අන්තරේ පාගමනට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ අක්‍රමවත් ක්‍රියාකලාපය හරහා සිදුවෙන මුස්ලිම් ආක්‍රමණය

colombotoday

රාජ්‍ය සේවකයින්ගේ වැඩිවුණු වැටුප් ගැන දැනුම්දීමක්

Admin

රුසියාවේ නිෂ්පාදිත මිසයිල ප්‍රහාරයක් පෝලන්තයට

Admin