Colombo Today Local News

රට ආර්ථිකය විනාශ කරන දේශපාලන හෙන්චයියෝ ගැන රවී කියයි

ආර්ථිකය ගොඩ නැංවීමේ වගකීම ලබා දෙන්නේනම් දින 100 ක් ඇතුළත තමාට එය කර පෙන්විය හැකි බව එක්සත් ජාතික පක්ෂ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.

තොටලඟ එජාප කාර්යාලයේදී පැවති රැස්වීම අමතමින් කරුනානායක මහතා කියා සිටියේ පසුගිය රජයේ දේශපාලනඥයන්ගේ උදවුවෙන් රැකියා ලබාගත් රජයේ නිලධාරීන් ආණ්ඩුව වෙනස් වුවත් වෙනස් නොවුණු බවයි. ඔවුන් රටේ ආර්ථිකය අවුල් කරමින් සිටින බවටද මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කර සිටියේය.

දේශපාලනික හෙන්චයියන් කිහිපදෙනෙකු විසින්රටේ ආර්ථිකය ගොඩ නැංවීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගන්නා උත්සාහය කඩාකප්පල් කරමින් සිටින බවත් මෙම තත්ත්වය පිලිබඳව නායක දෙපලම දැනුවත්ව සිටිය යුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය.

Related posts

ඇඟිලි නොගහ හිටියොත් ඒ ඇති

colombotoday

ධීවරයෙකුට කොරෝනා.. දික්ඕවිට වරාය වසා දමයි

colombotoday

“ලෝක හොරු අල්ලන්න FCID ඕනමයි.. වහන්නෙත් නැ, වහන්න දෙන්නෙත් නෑ” – නි.ඇමති අජිත්

colombotoday

ලබන මහ කන්නයේ සිට කාබනික පොහොර නොමිලේ ලබා දීමට කැබිනට් අනුමැතිය

colombotoday

මත් පෙති 3000ක් ප්‍රවාහනය කළ සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4 ක මිල අඩු කරයි

Admin