Colombo Today Local News

නම්බු පිටින් නොගියොත් පිං ඇමතිලා එළවනවා – ජනපතිගෙන් සමාව යැදි මරික්කාර් යලිත් කටමැත දොඩවයි

අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේදී රජයට විරුද්ධව ඡන්දය භාවිත කල පිං ඇමතිවරුන් ආත්ම ගරුත්වය ආරක්ෂා කරගෙන ඉවත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ලෝ ලෙවල් මාර්ගයේ අඹතලේ සිට ඔරුගොඩවත්ත දක්වා කොටස සංවර්ධනයේදී ඉඩම් අහිමිවූ 106 දෙනෙකුට මිලියන 300 ක වන්දි ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.

රජයට විරුද්ධව ඇමතිවරුන් 15 දෙනෙකු ඡන්දය භාවිත කර ඇති බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ ඔවුන්ට ඇමතිධුරවල රැඳී සිටීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි. මේ හේතුවෙන් ඔවුන් ආත්ම ගරුත්වය ආරක්ෂා කරගනිමින් ඉවත්ව නොගියහොත් පිං ඇමති තනතුරුවලින් එළවා දමන බවයි මරික්කාර් මන්ත්‍රීවරයා සදහන් කලේ.  එක්සත් ජාතික පක්ෂය යහපාලන රජයට හෝ ජනාධිපති වරයාට විරුද්ධ නොවී යහපාලනයේ වගකීම ආරක්ෂා කල අමාත්‍යවරු සමග එක්ව ජනවාරි 8 වනදා වරම ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද එස් එම් මරික්කාර් මන්ත්‍රීවරයා සදහන් කලා.

Related posts

රතු කැකුළු නෑ කියා තවමත් පැමිණිලක් ලැබිලා නෑ

Admin

නිරෝධායන නීති කඩකරන්නන් ඔසවාගෙන යාම තහනම්

colombotoday

දරුවාගේ පාසලට යමින් සිටි කාන්තාවකට වන අලි ප්‍රහාරයක්.

colombotoday

නිවසක සිදුකළ වැටලීමකදී ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 08ක් අත්අඩංගුවේ

colombotoday

සමාජ මාධ්‍ය ජාලා අවහිරවෙයි

colombotoday

GSP+ ගන්න මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කරන්න යයි.. කැබිනට් අනුමැතියත් හිමිවේ

colombotoday