විශ්වාසභංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය නොදී සිටීමට තීරණය කර ඇති බව ඒ.එච්.එම්. ෆවුසි මහතා පවසයි.
ඊයේ රාත්‍රියේ රැස්වූ ශ්රීලනිපය දේපාර්ශවයටම ඡන්දය නොදී ස්වාධීනව සිටීමට තීරණය කළ බවද හෙතෙම කියා සිටී.
මේ අතර මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කර ඇත්තේ ඡන්දය භාවිතය සම්බන්ධයෙන් ශ්රීලනිපය මෙතෙක් තීරණයකට පැමිණ නොමැති බවයි.
කෙසේ වෙතත් අද පෙරවරු 10.00ට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම රැස්වී අවසන් තීන්දුව ගැනීමට නියමිත ව ඇති බව පැවසෙන අතර, එහිදී ගනු ලබන තීරණය අනුව විශ්වාස භංගයේ ජය හෝ පරාජය තීරණය වනු ඇතැයි වාර්තා වෙයි.
[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1899716383421944/” width=”500″ height=”400″ onlyvideo=”1″]