Colombo Today Local News

‘රනිල් එළවන’ මෛත්‍රීගේ පාගමන මහනුවරින් ඇරඹෙයි… වියදම සිරසෙන් (Video)

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට සහාය දක්වමින් අද මහනුවර සිට කොළඹ දක්වා පාගමනක් ආරම්භ විය.

එය නම් කර ඇත්තේ ‘ඒකාධිපති ගජ මිතුරු වියරුව පරදන ජන බල අරගලය’ ලෙස ය.

එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය හා එජාප හිටපු පළාත්සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ එක්සත් ජාතික නිදහස් පෙරමුණ එක්ව මෙම පාගමන සංවිධානය කර තිබේ.

පාගමන මහනුවර, පේරාදෙණිය, කිරිබත්කුඹුර, පිලිමතලාව හා කඩුගන්නාව පසුකරමින් අද පස්වරුවේ මාවනැල්ලට ළඟාවීමට නියමිත ය.

විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙන අප්‍රේල් 4 වැනිදා පාර්ලිමේන්තුව ආසන්නයටත් එම පාගමන පැමිණිමට නියමිතව තිබේ.

මීට පෙර ද මෛත්‍රී ගුණරත්න ඇතුළු පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් එළවා දැමීම සඳහා තංගල්ලේ සිට පාගමක් ආරම්භ කළ අතර මාතරදී පාගමනට ප්‍රහාරයක් එල්ල වූ අතර එම පාගමන හැඳින්වූයේ කුරුඳු පොලු මෙහෙයුම ලෙසයි.

මෙවර පාගමන සදහා මූල්‍ය අනුග්‍රහය සපයන්නෙ සිරස ආයතනය බවට තොරතුරු වාර්තා වන අතර මේ වන විට ඔවුන් පුළුල් මාධ්‍ය ප්‍රචාරයක්ද ලබා දෙමින් සිටිති.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1895207047206211/” width=”585″ height=”400″ onlyvideo=”1″]

Related posts

රන්ජන් මීගමුව දිසා අධිකරණයට රැගෙන එයි

colombotoday

පන්සල්, පල්ලි, කෝවිල්වලට රවීගෙන් නොමිළේ විදුලිය…

colombotoday

කාදිනල්තුමන්ට කොරෝනා

colombotoday

රතන හිමි ගේමක් ගහයි. දේශපාලන මණ්ඩල සාමාජිකයෙක් ලෙස ගැරිජ් බාස් කෙනෙක් යොදා මාධ්‍ය හමුවක් පවත්වලා.

colombotoday

X-Press Pearl වන්දි නඩුවට සහය වෙන්න ජනපති නීතිඥවරුන් දෙදෙනෙක් පත් කරයි.

Admin

සීනි ටොන් 3500 ආපසු යවයි – ගොඩ බෑමට රජය අවසර නොදෙයි

colombotoday