Colombo Today Local News

තබ්බෝව සහ දැදුරු ජලාශවල වාන් දොරටු අරි

පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට ඇඳහැළුණු අධික වර්ෂාපතනයත් සමග ජලාශ කිහිපයක වාන්දොර විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා පැවසුවේ, තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6 ක් අඩි 2 බැගින් විවෘත කර ඇති බවත් මේ වනවිට ඉන් තත්පරයට ඝණ අඩි 3240ක් ජල ධාරිතාවක් මුදා හරින බවත් ය.

මේ අතර දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් ද අඩි 2 බැගින් විවෘත කර ඇති අතර ඉන් ද තත්පරයට ඝණ අඩි 2800ක ජල ජලධාරිතාවක් මුදාහරිමින් ඇත.

තව ද ඉගිණිමිටිය ජලාශයත් මේ වනවිට උපරිම ධාරිතා මට්ටමට පැමිණ ඇති බැවින් වාන්දොරටු කිහිපයක් විවෘත කිරිමේ සූදානමක් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසී ය.

මේ අනුව තවදුරටත් එම ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට වැසි ලැබුණ හොත් ඉදිරියටත් දැඩි අවධානයකින් පසු වන ලෙස ජලාශ ආශ්‍රිත ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.

Related posts

ජනපතිගේ ප්‍රධාන උපදේශක ශිරාල් සජිත්ගේ සහයට එක්වෙයි !

colombotoday

වැලි ටිපරයට පොලිස් කොස්තාපල්වරියක් බිලි

Admin

පොලිස් නිලධාරීන් 21කට ස්ථාන මාරුවීම්

colombotoday

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තෙල් බවුසරයක් ගිනිගනී

colombotoday

ගෙවුණු මාස 7ට ඩෙංගු රෝගීන් 56,000ක්

Admin

කොවිඩ් මර්දන එන්නත ජනමාධ්‍යවේදීන්ටත්

colombotoday