Colombo Today Local News

4 වැනිදා දියවන්නාවේ ආරක්ෂාව තරකෙරේ.. STF,කැරළි මර්ධනය කැදවයි.. මැති-ඇමතිලාත් සෝදිසි කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග ඡන්ද විමසීම පැවැත්වෙන ලබන 4 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණය හා ඒ අවට ප්‍රදේශවල දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන්ට අමතරව වෙනත් පොලිස් ස්ථානවලින්ද නිළධාරීන් කැදවීමටත්, පොලිස් විශේෂ කාර්ය බළකායේ බළඇණිද ස්ථානගත කිරීමටත් පියවර ගෙන ඇත.

පාර්ලිමේන්තුව අවට විරෝධතාවක් සිදු වුවහොත් එම විරෝධතා පාලනය කිරීම සඳහා කැරැලි මර්දන කණ්ඩායම්ද සීරුවෙන් තැබීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

පාර්ලිමේන්තුවට පිවිසෙන මැති ඇමැතිවරු දැඩි සෝදිසියකට ලක් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

Related posts

හොරෙන් ගෙනා ප්‍රාඩෝ 403ක්‌ ‘හොරෙන්ම’ මුදා හරින්න යහපාලන ප්‍රබල ඇමතිගෙන් රේගුවට නියෝග

colombotoday

අදත් පැය දෙකයි විනාඩි 30ක විදුලිය කප්පාදුවක්

colombotoday

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පැතුම් කර්නර් රිමාන්ඩ්

colombotoday

ජලනිට ගුවන් හමුදා උත්තමාචාර

Admin

අද IOC තෙල් බෙදන ලැයිස්තුව මෙන්න

colombotoday

කිරි පිටි මිල ඉහළ යයි

colombotoday