Colombo Today Local News

ජනපතිත්, ඇමතිවරුත් ඉල්ලා අස්විය යුතුයි – ඉල්ලා අස්වීමටනම් අගමැතිගේ කොන්දේසි මෙන්න

අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවී විශ්වාසභංග යෝජනාවට මුහුණදීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

ආණ්ඩුව නියෝජනය කරන ඇතමුන් විශ්වාසභංගයට පෙර අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීම් කර ඇතත් අග‍්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය වී ඇත්තේ තමන්ට ඉල්ලා අස්වීමට තරම් හේතුවක් නොමැති බවයි.

තමන් ඡන්දයකින් ජයගෙන අග‍්‍රාමාත්‍ය ධුරයට පත්ව ඇති බවත් එලෙස ඉල්ලා අස්වන්නේ නම් සෙසු අමාත්‍යවරුන් මෙන්ම ජනාධිපතිවරයාද ඉල්ලා අස්විය යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය වී ඇත.

දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරන්නේ කුමන අදහස් පළ වුවද විශ්වාසභංගයට මුහුණදී එය ජය ගැනීම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අදහස වී ඇති බවයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදීද ඊට එක් වූ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ප‍්‍රකාශ කළේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අග‍්‍රාමාත්‍යවරයා ඉවත් වියයුතු බවයි.

Related posts

ගොනා කෝවිලේ අංජු සමග සබඳතා පැවැත්වූ ගල්කිස්ස පොලිසියේ හිටපු ස්ථානාධිපතිගේ වැඩ තහනම්

colombotoday

වසර 10කදී රුපියල් කෝටි තිස්දාහක් කළු සල්ලි රටින් පන්නලා !

colombotoday

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි

colombotoday

ඉන්දීය IT වෘත්තිකයින්ට ඇමරිකාව වැට බඳියි!

colombotoday

සයිබර් ආරක්ෂණයට නව නීති සැකසේ

colombotoday

අජිත් පී. පෙරේරා සහ සරත් ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවතට

colombotoday