Colombo Today Local News

මෛත්‍රී ජනපති අපේක්ෂකත්වයට දැම්මේ එජාපයට දිනන්න බැරි නිසයි.. එජාපය අද මල් කඩන්නේ මෛත්‍රී නිසයි

එදා එක්‌සත් ජාතික පක්‌ෂය මෛත්‍රිපාල සිරිසේන මහතාව ජනපති අපේක්‌ෂක ලෙස නම් කළේ එම පක්‌ෂයට දිනීමට හැකි අපේක්‌ෂකයකු නොවූ නිසා මිස ඒ මහතාට ඇති ආදරය නිසා නොවන බව පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා පැවසීය.

අද එක්‌සත් ජාතික පක්‌ෂයට මල් නෙළන්න හැකි වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස එදා ජයග්‍රහණය කළ නිසා යෑයි ද ඊයේ (29දා) ශ්‍රීලනිප මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

ජනාධිපතිවරණය අවසන් වී කෙටි කාලයකින් මහ මැතිවරණය පැවැත්වූ අවස්‌ථාවේදී එජාපයට බහුතරය ලබා ගැනීමට නොහැකි වූ බවද ඒ නිසා සම්මුති ආණ්‌ඩුව ගොඩනැඟූ බවද හෙතෙම කීය. යම්හෙයිකින් 113 ක්‌ ගත්තේ නම් තනි ආණ්‌ඩුවක්‌ බිහි වන බවද සත්‍ය එය බවද හෙතෙම කීය.

එජාපයට අපේක්‌ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ නොහැකි යෑයිද වරක්‌ සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කර කෙළවා ගත්තා යෑයිද ඇමැතිවරයා කියා සිටියේය.

Related posts

රොහාගේ මරණය සමරන්න ගිය කුඩු අංජුගේ සහෝදරිය රිමාන්ඩ්

colombotoday

අයවැය තුන්වැනිවර කියවීමේ තීරණාත්මක අවසන් ඡන්ද විමසීම අද

Admin

ගුරුවරිය දණ ගැස්සූ නඩුවෙන් පා. මන්ත්‍රී චාමර සම්පත් නිදහස්

colombotoday

සිරස FM මාධ්‍ය අනුග්‍රහයෙන් පැවති අවුරුදු උත්සවයක “කුක්කු බිමේ තරඟයක්”

colombotoday

“අපේ පිපාසය දෙමළ ඊළමයි” ඊළාම් පිපාසය වව්නියාවේ තාප්පවල – Video

colombotoday

අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට

colombotoday