ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) රාත්‍රියේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසේ දී හමුවී එහිදී ඔවුන් පුළුල් එකඟතාවයකට පැමිණි බවට වෙබ් අඩවි කිහිපයක් පළකර ඇති පුවත අසත්‍ය බව ජනාධිපති කාර්යාලය පවසයි.
එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ එම පුවත අසත්‍යයක් බවයි.
මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකිරීම සදහා අද දිනයේ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රිලනිප පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවා ඇති බවද පැවසේ.