Colombo Today Local News

පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව CID අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංග ජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේදී 2011 වසරේදී ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබී ඇතැයි රැස පුවත්පත වාර්තා කර තිබේ.

අදාළ සිද්ධිය සිදු වූ නොවැම්බර් 10 වැනිදා නීතිවිරෝධී ලෙස වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී රැඳවියන්ගේ නම් කියමින් ඔවුන් තේරීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එල්ල වී තිබේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ කමිටුවට ඉදිරපත් වී ඇති සාක්ෂි අනුව රංගජීව නම් පොලිස් නිලධාරියා බන්ධනාගාර සිදුවීමට ගොස් ඇත්තේ ක්ෂේත්‍ර සටහන් පොතේ වෙනත් රාජපකාරියක් සඳහා යන බවට සහනක් යොදාය.

ඔහුට එරෙහිව ඇසින් දුටු සාක්ෂි රැසක් ඉදිරිපත් වී ඇති බවත්, එම සාක්ෂි මත පදනම්ව මේ නිලධාරියා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිකර ඇත.

මේ අතර අදාළ සිදුවීමට සම්බන්ධ, හමුදා සාමාජිකයන්ට උපදෙස් දීම සහ වෙඩිතැබීමට නියෝග දීම සම්බන්ධයේන චෝදනා එල්ල වී ඇති බ්‍රිගේඩියර්වරයකු ද අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ඉල්ලා තිබේ.

එහෙත් පසුගිය සතිය වනතුරු අදාළ බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබී නැතැයිද වැඩිදුරටත් අනාවරණය වේ.

Related posts

ශෙහාන් මධුශංකට සියළුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනම් කෙරේ

colombotoday

නිදහස් කල සිරකරුවන් අතර “සිංහල කොටි” පස්දෙනෙක්

colombotoday

සල්ලි දෙනවා නම් මැතිවරණයකට සූදානම් – මැතිවරණ කොමිෂම කියයි

colombotoday

“වැඩ කරලා හරි මහන්සියි.. ඇමරිකා ගිහින් සති එකහමාරක් විතර නිදා ගන්නවා“ – අගමැති

colombotoday

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 21ක් දක්වා ඉහළට

colombotoday

දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට… තිදෙනෙකු රෝහලේ

Admin