Colombo Today Local News

එකවර උණ්ඩ හයක් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සමග දෙදෙනකු අල්ලයි

එකවර උණ්ඩ හයක් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සමග සැකකරුවන් දෙදෙනකු දික්වැල්ල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව රත්ගම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි.

දික්වැල්ල කෝන්දෙණිය පදිංචි විසිතුරු මසුන් අලෙවි කරන තරුණයකු සහ යුධ හමුදාවෙන් ඉවත්ව දැනට ධිවර රැකියාවේ නිරතව සිටිනතරුණයක් මෙසේ අත්අඩංගුවට ගත් බව ද පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව පළමුවන සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි දෙවන සැකකරුගේ නිවසේ සඟවා තිබු ගිනි අවිය සොයාගෙන ඇත.

සැකකරුවන් අද අධිකරණයට ඉදිරි පත් කිරිමට නියමිතය.

Related posts

දූෂණ විරෝධී පනත 21වනදා විවාදයට

Admin

අද ජාතික කළු විරෝධතාවක්

colombotoday

එජාප මන්ත්‍රීවරු පිරිසක් කඩා පනිති. ජාතික රූපවාහිනි පරිශ්‍රය නොසන්සුන්. STF යොදවයි

colombotoday

ශීත කළ පොල් මද ආනයනයට අවසර

colombotoday

අදත් බස් ධාවනය සීමා වෙයි

colombotoday

ජනපති බැදුම්කරයේ දෙවන මෙහෙයුම අරඹයි

colombotoday