රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඩුබායිහිදී එරට බලධාරීන් විසින් නැවත වතාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්රි ලංකා පොලීසිය විසින් එරට රජය වෙත ලබා දුන් තොරතුරු මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.
මිග් යානා මිලදී ගැනීමේදී මහජන මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් අධිකරණයේ ගොනුකර ඇති අතර ඒ අනුව ඔහු අත්අඩංගුවට වරෙන්තු නිකුත් කර තිබේ.
පසුගිය පෙබරවාරි 4 වැනිදා උදයංග වීරතුංග ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව මුදා හරිනු ලැබුවේ රටින් පිටවීමට අවසර නොදෙමිනි.