Colombo Today Local Newsextremism & terrorism activities

ඉස්ලාම් රාජ්‍යයක් හදන්න සිරියාවට ගිය දෙවන ලාංකිකයාත් මැරුම් කයි !

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට මෙරටින් සම්බන්ධ වී සිරියාවේදී ත්‍රස්ත කටයුතුවල නිරත වී සිටි දෙවන ලාංකිකයා ලෙස සැළකෙන ‘අබු දුජානා සෙයිලානි‘ හෙවත් තාජුඩීන් තස්කීර් අහමඩ් නමැත්තා පසුගියදා එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් මිය ගොස් ඇති බවට සැක පළකෙරේ.

පසුගිය 15 වනදා සිරියාවේ රක්ඛා හි ත්‍රස්ත ඉලක්ක වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් ඔහු මිය ගිය බවට පැවසෙන අතර ඊට ශෝකය පලකරමින් ඔහුගේ හිතවතුන් කණගාටුව පළකර තිබෙන බවද සදහන් වේ.

30 හැවිරිදි වියෙහි පසුවන මොහු කොළඹ මරදානේ මුස්ලිම් පාසලකින් අධ්‍යාපනය ලබා ඇති අතර, පරිගණක විද්‍යව පිළිබද ඩිප්ලෝමාවක්ද හදාරා ඇත.

සිරියාවේ ත්‍රස්තවාදීන් සමග සම්බන්ධව සිටියදී තස්කීර් අහමඩ් සමාජ ජාලා ගිණුම් ගණනාවක් ඔස්සේ මෙරට මුස්ලිම් තරුණයන් අයි.එස් ත්‍රස්ත සංවිධානයට බදවා ගැනීමට ක්‍රියාකාර තිබෙන බවද හෙළිවී තිබේ.

අයි. එස්. ත්‍රස්ත සංවිධානයට එක්වී සිරියාවේදී මිය ගිය පළමු ලාංකිකයා ලෙස සැළකෙන ෂර්ෆාස් නිලම් මුෂීන්ගේ මස්සිනාද වේ. 2015 ජූනි මසදී මුෂීන් ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව මුල්වරට අනාවරණය කර තිබුණේද තස්කීර් අහමඩ් විසිනි.

තාජුඩීන් තස්කීර් අහමඩ් පිළිබදව Colombotoday 2016 ජූලි මසදී කළ අනාවරණය පහතින්

බුද්ධි අංශවල කනෙන් රිංගා ලංකාවෙන් ගිය තවත් ISIS ත්‍රස්තයෙක් සිරියා සටන් බිමේ!

Related posts

අඩු වූ ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

මෙරට පාසල්වල උගන්වන්න ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වන්න යයි !!

colombotoday

බඩඉරිඟු වගාවට කෘෂිකර්මය අක්කර අසූ දහසක ඉඩම් ඉල්ලයි

colombotoday

සෞඛ්‍ය බළධාරින්ගේ නිසි සහයෝගයක් නෑ. | ඌවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ලෙඩ නිවාඩු දමති.

colombotoday

“සල්ලි කන ව්‍යාපෘතිවලින් වැඩක් නැහැ – මාස 06 න් විසදමු” – ඌව ආණ්ඩුකාරවරයාගෙන් ආදර්ශයක්

colombotoday

පොහොට්ටුවෙන් ගැලවුණු මැදවච්චිය ප්‍රා සභාවේ බලය නැවතත් පොහොට්ටුවට

colombotoday