Colombo Today Local News

ප්‍රංශයට නැවතත් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්..

දකුණුදිග ප්‍රංශයේදී පුද්ගලයන් තිදෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වේ.

මෝටර් රථයක් පැහැරගත් තුවක්කුකරුවෙකු පසුව සුපිරි ට්‍රේබ්ස් නගරයේ වෙළෙඳ සැලක් තුළ පුද්ගලයන් තිදෙනෙකු ප්‍රාණ ඇපයේ තබාගනිමින් මෙම ප්‍රහාරය අවසන්ව තිබුණි.

26 හැවිරිදි රෙඩොවුනේ ලක්ඩීම් නැමති IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පවතින බවට හැඳිනගෙන ඇති මෙම පුද්ගලයා පසුව පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් වාර්තා පවසයි.

ඔහු ට්‍රෙබ්ස් නගරයට පැමිණීමට පෙර කාර්කසෝන් නගරයේ සිට මෙම ප්‍රහාර මාලාව දියත් කිරීම අරඹා ඇති අතර, එහිදී ඔහුගේ වෙඩි පහරින් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබුණි.

පැරීසියේදී පුද්ගලයන් 130 දෙනෙකුට මරු කැඳවමින් 2015 නොවැම්බර් 13 වැනිදා ක්‍රියාත්මක වූ ත්‍රස්ත ප්‍රහාරයේ නිරුපද්‍රිතව අල්ලාගත් එකම සැකකරු සාලාහ් අබ්දෙසලාම් නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම ත්‍රස්තයා මෙකී ම්ලේච්ඡ ප්‍රහාරය දියත් කර තිබේ.

අවස්ථා තුනක් ලෙස ක්‍රියාත්මක වූ ප්‍රහාරයේ මුලින්ම කාර්කසෝන් හිදී මෝටර් රථයක් පැහැරගෙන එහි ගමන්ගත් එක් මගියෙකු වෙඩි තබා ඝාතනය කර රියදුරුට වෙඩි තබා තුවාල කර තිබුණි. පසුව මියගිය මගියාගේ සිරුර වන රොදක් තුළ තිබියදී සොයාගෙන ඇත.

පසුව තවත් කිහිප දෙනෙකු සමග ව්‍යායාම්වල යෙදෙමින් සිටි පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා තුවාල කර ඇත.

ඉන් අනතුරුව කුඩා නගරයක් වූ ට්‍රේබ්ස් වෙත ගමන් කර ඇති ඔහු සුපර් යූ සුපිරි වෙළෙඳ සැලක් වෙත පිවිස මම ඉස්ලාම් රාජ්‍යයේ සොල්දාදුවෙක් යැයි කෑමොර දී එහි සිටි පිරිස් ප්‍රාණ ඇපයට ගෙන ඇත.

Related posts

පාසල් මුරකළ දෙමව්පියන්ට නිවාඩු දෙයි

colombotoday

ජනතාවට බලය බෙදීමක් අවශ්‍ය නැහැ… ආර්ථිකය නංවන්න ඝෘජුව මැදිහත්වෙන්න – සාගර ජනපතිගෙන් ඉල්ලයි

Admin

නැගෙනහිර නාවික අඥාපතිවරයා වහාම මාරු කරයි.. ආණ්ඩුවෙන් උසස්වීමක් ලැබූ වයිස් අද්මිරාල් සින්නයියා නැගෙනහිරට

colombotoday

‘රත්මලානේ රොහා’ ගේ සමීපතමයින් දෙදෙනෙක් ඇතුළු 6ක් STF අත්අඩංගුවේ

colombotoday

එජාප අතහැර බදුර්දීන් තනිවම මහමැතිවරණයට !

colombotoday

අදත් කලාප 23කට විදුලි කප්පාදුවක්

colombotoday