Top StoriesWorld

සෞදි කාන්තාවන්ගේ හිජාබය සහ බුර්කාව ගැලවේ? මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ තීරණය මෙන්න

තම රටේ කාන්තාවන්ට හිජාබය හෝ බුර්කාව පැළඳිම අවශ්‍යම නොවන බවත්, ඉස්ලාමීය භක්තිය සඳහා සංකේතවත් වන යහපත් සහ ගෞරවණිය ඇඳුමක් ඇදීම පමණක් ප්‍රමාණවත් යැයි සෞදී අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසනවා.

මොහොමඩ් බින් සල්මාන් බලයට පැමිණීමත් සමගම සෞදියේ ස්ත්‍රී අයිතීන් පුළුල් වී තිබෙන අතර කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබාදීම, කාන්තාවන්ට මෝටර් රථ ධාවන තරඟ සඳහා සහභාගී වීමටද මේ වනවිට ඉඩ සැලසී තිබෙනවා. එමෙන්ම ඔවුනට ක්‍රීඩා තරග නැරඹීමේ නිදහසද මේවනවිට හිමිව තිබෙනවා.

“නීතිරීති ඉතා පැහැදිලිය. ෂරියා නීතියේ සඳහන් කර ඇති පරිදි ” පුරුෂයින් මෙන්ම කාන්තාවන්ද ගෞරවනීය ඇඳුම් ආයිත්තම් පැළඳීය යුතු බව සදහන්. නමුත් මෙහි විශේෂයෙන් කළු අබායා හෝ කළු හිස ආවරණයක් (බුර්කාව) පිළිබදව විශේෂයෙන් සඳහන් කරලා නැහැ. කාන්තාවන් තමන්ට ගැලපෙන ඇඳුම් කුමක්ද කියා සිතා එය ඇදීමට සම්පුර්ණ අයිතිය තිබෙනවා ” යනුවෙන් CBS රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මොහොමඩ් බින් සල්මාන් කුමරු ප්‍රකාශ කරනවා.

මේ අතර පසුගිය මාසයේදී සෞදි අරාබියේ ජ්‍යෙෂ්ඨ පූජකතුමන්, කාන්තාවන් නිහතමානීව ඇඳුම් ඇඳිය ​​යුතු බව පැවසුවද, එය අබායා වැනි ඇඳුම්ම ඇඳිය යුතු බව ඔහු ප්‍රකාශ කර තිබුනේ නැහැ.

මාර්තු 8 වනදා ලෝක කාන්තා දිනය සමරමින් සෞදියේ, ජෙඩා නගරයේදී කාන්තාවන් පිරිසක් තමන්ට අලුතින් ලැබුනු නිදහස සමරමින් ක්‍රීඩාවන්හි යෙදෙමින් එළිමහනේ ව්‍යායාම් කරමින් සිටින අයුරු දැක ගන්නට ලැබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.

කෙසේ නමුත් සෞදියේ ඔටුන්න හිමි කුමරු පවසා සිටින්නේ 2030 වර්ෂය වන විට තම රටේ උසස් ස්ථානයන්හි කාන්තාවන් සිටිනු දැකීම තම අපේක්ෂාව වන බවත් ඒ සදහා වන බාධාවන් ඉවත් කරමින් ඔවුන්ට නිසි ගෞරවය ලැබෙන පරිදි ඉදිරියට ඒමට අවශ්‍ය පරිසරය සකස් කිරීම තම අරමුණ බව සදහන් කර සිටිනවා.

Related posts

ඥානසාර හිමි යලි බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු. – Video

colombotoday

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේනයේ ඔඩේසාහි වරාය පහසුකම්වල ගින්නක්

Admin

ජනපති දිවුරුමට ජනතා විරෝධය.. උගන්ඩාව ඇවිළෙයි.. හිටපු ජනපති මහින්දත් උගන්ඩාවේ

colombotoday

පවතින අවදානම සලකා කොවිඩ් සමයේදී ගැබ් ගැනීමෙන් වළකින්නැයි බ්‍රසීල රජය එරට කාන්තාවන්ගෙන් ඉල්ලයි

colombotoday

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

Admin

ඉන්දියාව නවතම බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලයි

colombotoday