Colombo Today Local News

ඇමරිකානු 30/1 ක යෝජනාව ක්‍රියාත්මක කිරීම ගැන ඇමරිකාවෙන් ලංකා රජයට පැසසුම්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30/1 යෝජනාව සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ පිළිගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය තමන් පිළිගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදය ජීනිවාහිදි අද (21) ප්‍රකාශ කළේය. 

ආණ්ඩුවේ වගවීම, ආරක්ෂක අංශ, මානව හිමිකම් උල්ලංඝණය හා අවභාවිතය මෙන්ම සුළු ආගමික හා ජනකොටස් ඉලක්ක කරගනිමින් සිදු කරන ලද වදහිංසා පැමිණ වීම් හා ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කරන ලද නිර්දේශවලට අයත් වේ.

එම නිර්දේශවලට ශ්‍රී ලංකා රජය දැක් වූ සහයෝගය සම්බන්ධයෙන් ඇමෙරිකාව සෑහිමකට පත්වන බව සඳහන් කළ එහිදි අදහස් දැක්වූ  ඇමෙරිකා නියෝජිතයා කීවේය.

ආරක්ෂක සේවාවල නිලධාරීන්ගේ අනිසි ක්‍රියාකාරකම්, මෑතකදී සුළු ආගමික හා ජනකොටස් ඉලක්ක කරගනිමින් සිදු වූ ප්‍රහාර  හා මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව ද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේදී අදහස් දක්වමින් ඇමෙරිකා නියෝජිතයා එම කරුණු කීවේය.

මානව හිමිකම් කඩකිරීම්වලට හා ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් සුළු ආගමික ජනතාව සහ ඔවුන්ගේ ආගමික ස්ථාන ආරක්ෂා ලෙසත් රජයට අවධාරණය කරන බව ද ඇමෙරිකා නියෝජිතයා කීය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ 34/1 ක යෝජනාවෙන් ද තහවුරු කර ඇති 30/1 යෝජනාවේ ඇතුළත් නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අමතර පියවර ගන්නැයි ශ්‍රී ලංකා රජයට තවදුරටත් අවධාරණය කරන බව ද හෙතෙම කීය.

ඉදිරි පස් වසරක කාලය සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ ශ්‍රී ලංකාවේ විශ්ව කාලාන්තර සමාලෝචන පිළිබඳ තුන්වැනි චක්‍රයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රගතියක් අත්පත් කරගනු ඇතැයි ද ඇමෙරිකා නියෝජිතයා වැඩිදුරටත් කීවේය.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අදාළ වාර්තාව ඉදිරිපත් වූ අතර එම විශ්ව කාලාන්තර සමාලෝචන පිළිබඳ තුන්වැනි චක්‍රයේ නිර්දේශ 253ක් අතරින් 177ක් පිළිගත් ශ්‍රී ලංකාව එයින් 12ක් සඳහා ස්වේච්ඡාවෙන් ප්‍රතිඥා දුන්නේය.

මෙරට යුද්ධයෙන් පසු සංහිඳියා ක්‍රියාවලිය සහ යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 2015 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව 30/1 යෝජනාව ලෙසින් හැඳින්වෙන අතර පසුගිය වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වාර්තාව 34/1 ලෙසින් හැඳින් වේ.

ඇමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහය යටතේ ඉදිරිපත් වූ එම 34/1 යෝජනාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට පසුගිය වසරේදී වසර දෙකක කාල දිගුවක් ද ලැබිණි.

Lankadeepa

Related posts

සුනිල් ජයවර්ධන ඝාතනයට 8ක් අත්අඩංගුවේ

colombotoday

නව දේශීය ආදායම් පනත ව්‍යවස්ථාවට එකග නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

colombotoday

සිලාවතුරේදී නීති විරෝධී භාණ්ඩ තොගයක් සමග දෙදෙනෙක් නාවික හාමුදා භාරයට.

colombotoday

නතාෂට ඇප දීලා ඥානසාර හිමි හිරගෙට යැවූ විනිසුරු පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයට – බෞද්ධයෝ තුල කුකුසක්

colombotoday

තබ්බෝව සහ දැදුරු ජලාශවල වාන් දොරටු අරි

colombotoday

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම ප්‍රසිද්ධියට පත් කරයි

colombotoday