හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 08 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේදී විභාගයට ගැනේ.
ඒ හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මීට ටික වේලාවකට පෙර අධිකරණය වෙත පැමිණියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා, ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති, හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු ඇතුළු 08 දෙනෙකු මෙසේ අධිකරණය හමුවට පැමිණි සිටී. මෙම පිරිස ඇවන්ගාර්ඩ් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඉඩ දීම නිසා රජයට රුපියල් කෝටි 1.14ක පාඩුවක් සිදු වූ බවට අල්ලස් කොමිසම විසින් අදාල නඩුව පවරා ඇත.
[fbvideo link=”https://www.facebook.com/abrighterfuturesl/videos/1825828624319684/” width=”500″ height=”400″ onlyvideo=”1″]