Colombo Today Local News

විශ්වාසභංගයෙන් අගමැති හිරවෙද්දී, විධායක ජනපති ධුරය අහෝසියට ජවිපෙ 20 සංශෝධනය ගෙනෙයි

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්‌ති පෙරමුණ විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට සංශෝධනයක්‌ ගෙන ඒමට තීරණය කර ඇත.

විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය ලෙස මෙය ගෙන එන අතර එය තම පක්‍ෂය විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්‌ ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19 දා) ප්‍රකාශ කළේය.

එම යෝජනාව මේ වනවිට කෙටුම්පත් කරමින් සිටින බව කී දිසානායක මහතා ඒකාබද්ධ විපක්‍ෂය විසින් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදුන් පසුව මෙම විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට භාරදෙන බව ද දිසානායක මහතා ඊයේ (19 දා) ජවිපෙ මූලස්‌ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේ ය.

මහින්ද රාජපක්‌ෂ මහතා කිහිප අවස්‌ථාවකදී විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු වී ඇති නිසා මෙම විසිවැනි සංශෝධනයට ඒ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය සහාය දෙනු ඇතැයි ද දිසානායක මහතා කීවේය.

එජාපය මෙන්ම මෛත්‍රිපාල සිරිසේන මහතා ද විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු ලබාදී ඇති නිසා මෙම සංශෝධනයට ඔවුන්ට ද සහාය ලබා නොදී සිටිය නොහැකි බව කී දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසුවේ ය.

“විශ්වාසභංගය කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එනවා නම් එම ක්‍රියාවලියෙන් පසුව අපි මෙම සංශෝධනය ගේන්න බලාපොරොත්තු වෙනවා. නමුත් විශ්වාසභංග යෝජනාව මාස ගණනාවක්‌ ඇදෙනවා නම් අපි සංශෝධනය කඩිනමින් ගේන්න බලාපොරොත්තු වෙනවා.”

Related posts

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගෙන යෑමේ තීරණයක්..

Admin

භාෂාව පදනම් කරගත් ප්‍රාන්ත දෙකක්, කදුරටට වෙනම පරිපාලනයක්.. රට කෑලි4කට බෙදන යෝජනාවක් උතුරෙන් එයි

colombotoday

බස්නාහිර ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යයි

colombotoday

“ටික් ටෝක්” එකේ සිදුකල කොටි සැමරුම්

colombotoday

අගමැති රනිල් ඇමති දුමින්දට හොරෙන් පොහොර සමාගම් හමුවුණේ ඇයි?

colombotoday

බුදුරුව සහිත සාරියක්‌ ඇන්ද කතක් පොලිස් අත්අඩංගුවට

colombotoday